(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර රත්නපුර පිටරවුම්පාර මහවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් තම බිරිඳගේ ගෙල කපා හිස සහිත ගෙල කොටස රැගෙන ගිය සැකකාර සැමියා කලවාන , නාවලකන්ද , කෑලෑ ප්‍රදේශයකදී පොලිසිය විසින් අත්අංඩංගුවට ගෙන ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අංක 48 පිටරවුම්පාර මහවලවත්ත පදිංචිව සිටි පෙරුමාල් වසන්ති කුමාරි (40) නැමති දෙදරු මවකි.
කදෙන් වෙන් කළ හිස කොටස වල දමා තිබියදී සොයාගෙන ඇති අතර එම හිස කොටස රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරන බවද පොලීසිය සඳහන් කළේය.
බිරිය මරා දැමිමෙන් අනතුරුව කපා දැමු හිස කොටස රැගෙන ඔහු යතුරුපැදියකින් ගිය බව ඇයගේ දරුවකු විසින් පොලීසියට පවසා තිබේ. ඒ අනුව ඔහු සොයා පරීරක්ෂණ අරඹා තිබු අතර ඊයේ (29) රාත්‍රීයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
ලෝකයේ බණ කියන වැඩිම රටේ මෙහෙව් අපරාධ සිද්ධ වුනාට බණ නොකියන මා සිටින ඉතාලියේ මිනිසුන් බොහොම ගුණගරුකව සහ ධාර්මිකව ජීවත් වෙනවානේ? (හැබැයි මෙහෙත් දැන් දැන් ලංකාවේ හාමුදුරුවරු බණ කියන්න පටන් අරන් තියෙන්නේ. අපිව ගොඩගන්න වේගයෙන් පන්සල් ඇරෙනවා)
අනේ...මේ පිටිගල වගේ පව් කාරයෙක්...!
මටත් හිතෙන්නේ මේ මිනිසුන්ගේ මානසික තත්වය කොහොමද කියායි. හරිම අද්භූතයි...
ජනගහනයට සාපේක්ෂව ලෝකේ අපරාධ අඩුම රට ලංකාව. එංගලන්තයේ අවුරුද්දකට ළමයි 15ක් 20ක් පිහියෙන් ඇනලා මරනවා. ඇමරිකාව ගැන නම් කව්රුත් දන්නවනේ...
බන කියන රට කිව්වට, මේ රටේ කවුරුත් දැන් , බන අහන්නෙ නෑ. අපරාධ ගැන කතා කරලා වැඩක් නෑ
ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නෙ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා. ඒක නිසාම ටිකක් ලොකු ප්‍රශ්නයක් ආවම ගන්න තීරණ ගොඩක් දරුණුයි කියල තමයි මටනම් හිතෙන්නෙ.
ඉස්කෝලේ යනකාලේ ඔය මිනිහ සිරි සඟබෝ නාට්ටියේ රඟ පැවලුනේ.
ඇයි මිනිහටම දොස්පවරන්නේ? ගැහැණියට ඔය අපරාධය කරන්න තරම් දරුණු වෙන්න ගැහැණියත් කොහොම කෙනෙක් වෙන්න ඕනෑද?