IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බීරුට්හි පිපිරීමෙන් ලෙබනනයේ සිටි ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල


(තිළිණි ද සිල්වා)
 
ලෙබනනයේ බීරූට් නගරයේ  සිදු වූ පිපිරීම හේතුවෙන්  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සහ තානාපති කාර්යාලයේ සේවකයින් බොහෝ දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු වී ඇතැයි ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න මහත්මිය පැවසුවාය.
 
මෙම පිපිරුමෙන්  තුවාල සිදු වූ තවත් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු සොයමින් සිටින බවත් , ලේ දන් දීමකට හැර රෝහල් වෙත යෑම මේ වන විට තහනම් කර ඇති බැවින් අදාළ සොයා බැලීම් සිදු කිරීම අපහසු වී ඇති බවද තානාපතිනිය සදහන් කළාය.
 
පිපිරීම සිදු වී තිබෙන්නේ තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර් 25 ක් පමණ දුරින් වුවද එහි කම්පනය බොහෝ ප්‍රදේශයකට පැතිරීම හේතුවෙන් ශ්‍රී  ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව වලට සහ තානාපති කාර්යාල සේවකයින්ගේ නිවාස වල වීදුරු ජනෙල් බිදී ගොස් ඇතැයිද තානාපතිනිය කියා සිටියාය. කෙසේ වෙතත් තානාපති කාර්යාලයේ කිසිවෙකුටවත් පිපිරීමෙන් තුවාල සිදුවී නොමැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ වන විට ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

බීරූට් අගනුවර ඊබ්‍රාහිම් වරායේ සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් අද (05) දහවල් වන විට පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් 4,000කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම හේතුවෙන් එරට රජය  විසින් මේ වනවිට ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
 
ලෙබනන් ජනාධිපති මිෂෙල් එවන් පැවසුවේ අපරික්ෂාකාරී ලෙස ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් එම පිපිරීමට හේතු වී ඇති බවය. එම පුපුරණ ද්‍රව්‍ය තොගය වසර 6ක් පුරා එම ස්ථානයේ තිබී ඇත.ආපදාවට පත් පිරිසට උපකාර කිරීමට ඩොලර් මිලියන 66ක් නිදහස් කිරීමට ලෙබනන් රජය තීරණය කරනු ලැබ ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා සදහන් කර ඇත.සහන සේවකයින් සුන්බුන් ඉවත් කරමින් සිටින අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බවට අනුමාන කෙරේ.



අදහස් (0)

බීරුට්හි පිපිරීමෙන් ලෙබනනයේ සිටි ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site