IMG-LOGO

2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා


බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ නඩුව නොවැ. 19 සිට යළි විභාගයට

( තිළිණි ද සිල්වා )

ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිෂ්ප‍්‍රභ කර තිබු නඩුව ලබන නොවැම්බර් 19 වැනිදා යළි විභාගයට කැඳවන  බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

බි‍්‍රගේඩියර්  ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාගේ නඩුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය  පෙරේදා (19) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ නඩුව පැමිණිලිකාර පාර්ශවය කළ කරුණු දැක්වීමකින් ඉකුත් සිකුරාදා (18) ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අතර එහිදි එම නඩු විභාගය මෙදින යළි විභාගයට ගන්නා බව අධිකරණය තීන්දු කර ඇති බවයි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ 2018 වසරේ නිදහස් දින උලෙළදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ගෙල සිඳ දමන ආකාරය දනවන අභිනයක් කළේ යැයි කියන සිද්ධියකට අදාළව  එවකට එහි ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව මජුරාන් සතානන්දන් නැමැත්තා එම නඩුව ගොනු කළ කළේය.

මීට පෙර මෙම නඩුවට අදාළව වෙස්ට්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි මස 21 වැනිදා බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර පසුව එය පෙබරවාරි මස 1 වැනිදා ඉල්ලා අස්කර ගන්නා ලදී.

එක්සත් රාජධානියේ මහජන සාමය සුරැකීමට අදාළ පනත උල්ලංඝණය කිරීම යටතේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතා වරදකරු  ලබා දෙන ලද නියෝගය ද  මාර්තු මස 15 වැනිදා වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කළේය.

නමුත් වගඋත්තරකරු නියෝජනයකින් තොරව වැරදිකරු බවට නිගමනය කර සාධාරණ ක‍්‍රියාදාමයකට තුඩු දුන් වැරදි හෝ දෝෂ මාලාවක් හුවා දක්වමින්,  එරට 1980 මහේස්ත‍්‍රාත් අධිකරණ පනතේ 142 වන ඡේදය යටතේ නඩුව යළිත් කැඳවීමට පියවර ගෙන ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දේ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා  මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දු මහතා  රාජතාන්ත‍්‍රික නිලධාරියකු  ලෙස 1961 රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධිවිධාන ප‍්‍රකාරව, රාජ්‍යතාන්ත‍්‍රික මුක්තියට හිමිකම් ලබන බවට ශ්‍රී ලංකා රජයේ  අඛණ්ඩ ස්ථාවර යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව අනෝන්‍යය  වූ මෙම බැඳීම ප‍්‍රකාර සිය වගකීම් ඉටු කරන ලෙස එක්සත් රාජධානි රජයෙන් ඉල්ලා ඇතැයිද එම අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (10)

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුගේ නඩුව නොවැ. 19 සිට යළි විභාගයට

Mahee Sunday, 20 October 2019 11:59 AM

නීතියේ අයිතිකාරයන් හැටියට පෙනී ඉන්න එංගලන්තෙත් නීතිය අර්ථ නිරූපනය කෙරෙන්නේ එක එක නඩු කාරයාගේ පෞද්ගලික මති මතාන්තර අනුවයි. මෙතැනදී ප්‍රධාන මහේස්ත්‍රාත් තීරණය කරනවා කලින් නඩුව අහපු මහේස්ත්‍රාත් වැරදියි කියලා. මීට පෙර අවස්ථාවක ලංකාවෙන් නිල සංචාරයකට එංගලන්තයට ගිය ඉතා ගෞරවනීය නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු වූ ටිරල් ගුණතිලක මහතාව සාප්පුවකින් යකඩයක් හොරකම් කළාය කියලා ලන්ඩනයේ මහේස්ත්‍රාත්වරියක් ඔහුව වැරදිකරු කළා. අැපෑලේදී තීරණය වුණා නඩුව අහපු හැටි වැරදියි කියලා. ඔය නඩුකාරයින් බොහෝවිට අපේ කළු හම නිසා අගතිගාමී වෙනවා ඇති...

:       41       239

Appuhamy Sunday, 20 October 2019 12:35 PM

පොලිස් නිලධාරියගේ සිද්ධිය සම්බන්දව - කොහෙද බන් ගෞරවනීය පොලිස් නිලධාරීන් ඉන්නේ..? එංගලන්තේ ගිහිල්ලත් පුරුද්ද අත ඇරගන්න බැරි වෙන්න ඇති.. එහෙ අය නඩු දාන්නේ හරියට හොයලා බලලා.. නැතුව ලංකාවේ පොලිසිය වගේ බොරුවට ඩප්පි දාලා, කුඩු පැකට් දාලා නෙමෙයි..

:       350       97

Prabha Monday, 21 October 2019 05:44 AM

අප්පුහාමි ගම කොහෙද?

:       0       0

Nuwan Sunday, 20 October 2019 01:19 PM

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු රට දය සමයට ලැදි වීර අභිමානවත් පුතෙක්, ලංකා මාතාවට විරුද්දව එදා කොටි ඩයස්පෝරාව ගෙන ගිය උද්ඝෝශනයේදී තානාපති සේවයේ සිටියත් ඔහුගේ ලේ රත්වෙලා නටන එක නවත්තගන්න බැරිවුනා. ඔබ වැනි පුතුන් ලද ලක්මව වාසනාවන්තයි

:       10       347

lankasri Sunday, 20 October 2019 01:27 PM

මමත් මේ කියන වීඩියෝ එක බැලුවා. ඒක නම් හමුදා නිලධාරියෙක් හැටියට අනුමත කරන්න බැහැ. මෙහෙ තියෙන නීතිරීති වලට අනුව නම් එය විශාල වරදක්, ව්‍යංගනයෙන් ඔහු පවසන්නේ බෙල්ල කපන බවයි. එය ශිෂ්ට සම්පන්න නැති බවයි මගේත් පෞද්ගලික හැඟීම... කොටින්ව නම් උල තියලත් මදි බව එංගලන්තෙත් දන්නවා. නමුත් එංගලන්තයේ අයව හුරතල් කරනවා. අපේ හමුදා සෙබළුන් තමන්ගේ රටට හානි නොවන සේ විශේෂයෙන් පිටරටදී හැසිරිය යුතු බව මගේ අදහසයි.

:       434       207

AsankaSunday, 20 October 2019 02:33 PM

බොරු කියන්න එපා... යුද්ධය කාලේදී කොටින්ගෙන් හමුවූ මිසයිලවල එංගලන්තයේ සමාගමක නිෂ්පාදනය කර ඇති බවත් ඒවා එහි සිටම මෙහි රැගෙන් ඇවිත් ඇති බවත්, සීරියල් නම්බර් මගින් අනාවරණය වුණා. ඒ හැරත් ඔවුන් කොපමණ බලපෑම් කළාද? ප්‍රභාකරන් බේරගන්න... ඔවුන්ට ඕන මෙවැනි යුධ වීරයින්ව උසි ගන්නලා නඩුදාන්න. කිඹුල්ලු අල්ලන්න ඇමට පොඩි දරුවෝ යොදාගත්ත ජාතියක් ගැන කවර කතාද?

:       76       351

surath Sunday, 20 October 2019 04:03 PM

විකාර... මේක වරක් අහලා තීන්දුවක් දිලා තිබුනේ තහනම් සංවිධාන ලන්ඩනයේ පෙළපාලි යාමට ඉඩදීම හරිද?

:       0       26

Kumar (Gulf) Sunday, 20 October 2019 07:59 PM

ත්‍රස්තවාදී කණ්ඩායමක සමච්චල් උද්ඝෝෂණයකදී බෙල්ල කපනවා කියන්නේ නැතුව, හාදුවක් දෙන්නම් කියලද කියන්න කියන්නේ? පිස්සු හැදෙන සඳ...

:       0       17

Bandara Monday, 21 October 2019 03:05 AM

විදුලි පුටුවට යන්න ලැහැස්ති අය ගිහින් මෙයාව බේරගෙන වරෝ...

:       1       75

sanjeewa Monday, 21 October 2019 05:43 AM

අපේ රට ,රණවිරුවන් වෙනුවෙන් කතා කිරීමට කවුරුවත්ම නෑ කතා කරානම් ඔය රටවල් වලත් එල් ටි ටි එක තහනම් වෙලා ඇති .........

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයේ වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් හලයි
2024 දෙසැම්බර් මස 12 1615 0

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත්තැයි අසාද් සාලිට වන්දියක්
2024 දෙසැම්බර් මස 12 499 0

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත


‘‘තෙල් හිඟයක් නෑ‘‘
2024 දෙසැම්බර් මස 12 225 0

ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.


මාංචු යතුරක් රැගෙන සැකකරුවකු බලන්න ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 12 317 0

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති


ආනයනික සහල් ටොන් 1900 ක් එයි
2024 දෙසැම්බර් මස 12 296 0

රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ


ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී
2024 දෙසැම්බර් මස 12 1770 0

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු ව


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 20973 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17055 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13205 1

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 27 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 101 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 60 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site