(තිලකරත්න දිසානායක)
ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණයේ පොල් තෙල් නිෂ්පාදනාගාරයකට අද (9) අලුයම ඇතිවූ ගින්නකින් එම ආයතනය මුළුමණින්ම දැවී ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය,බෙම්මුල්ල සහ ගම්පහ පොලීසිය හා යුද හමුදා වේයන්ගොඩ කඳවුරේ නිලධාරීහු ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටිති.
රන්දෙනිය ඉන්ටර්නැෂනල් ආයතනයෙහි මෙසේ ගින්න සිදුවූ අතර මෙම කර්මාන්ත ශාලාව මගින් සුදු පොල්තෙල් විදේශ රටවල් ගණනාවකටම ආනයනය කෙරේ.
ගින්න සිදුවන අවස්ථාවේදී අපනයනය කිරීම පිණිස විශාල ප්‍රමාණයක සුදු පොල්තෙල් සකස් කර තිබී ඇති අතර ගින්නෙන් රුපියල් කෝටි ගණනක හානියක් සිදුව තිබිණි.
ගින්න මැඩපැවැත්වීමට ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ සහ ජල බවුසර් 10 ක් යෙදවූ බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා පැවසු අතර බෙම්මුල්ල පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.




2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙම්මුල්ලේ පොල් තෙල් නිෂ්පාදනාගාරයක ගින්නක්