(රංජන් කස්තුරි)
මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පාස්කු දා බෝම්බ ප්‍රහාරය සිද්ධියෙන් පසුව ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී ඇති අතර බෝම්බ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාට කරුණු කියා තිබේ.
සිද්ධීන්වලට කිසිසේත් සම්බන්ධ නැති මුස්ලිම් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවේ පසුවන බවද ඔවුන් සිදුවීම්වලට සම්බන්ධ නැතිබව තහවුරු කර හැකි ඉක්මනින් නිදහස් කරන්නැයිද එහිදී මුස්ලිම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා ලංකාදීපයට පැවැසීය.
නැවත ඇමැතිධූර බාරගැනීම සම්බන්ධයෙන්ද එහිදී ජනාධිපතිවරයා විමසීමක් කළ බවද මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡා කර නුදුරු දිනකදී තීරණය දැනුම් දෙන බව ජනාධිපතිවරයාට දැන්වූ බවද අමීර් අලී මහතා කීය.
රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එම්.එච් ෆවුසි, ෆයිසාල් කාසීම්, අලී සහීඩ් මව්ලානා, එම් මන්සූර් යන මන්ත්‍රීවරුන් එලෙස ජනාධිපතිවරයා හමුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හතර වටේටම බෝම්බ ගැහුවේ, දැනුවත්ව කියලා කාටවත්ම තවම තේරිලාම නැද්ද? දැන දැනම ඇස් කන් පියාගෙන ඉන්න කියලා උපදෙස් දුන්නේ ඔය ත්‍රස්තවාදී සංවිධානය නිර්මාණය කල අය.
සම්බන්ද නෙති මිනිස්සු අත්අඩංගුවට ගනීවිද ආරක්ෂක අංශවලට රටේ ආරක්ෂාව තහුරු කරන්න දෙන්නේ නෙති හැටි. මේක පුදුම රටක් වෙලා අද
මේ එකෙක්වත් කිව්වද බෝම්බ ගහපු අය අත් අඩංගුවට ගන්න කියලා...
සම්බන්දද නැද්ද කියල හොයන්න යම් කාලයක් ඕනා. හොයල මිසක් නිදහස් කරන්න එපා.
ඔය කියන එක්කෙනා මමත්වය ගැන පමණක්ම මිස අනිකුන්ගේ ආරක්ෂාව ගැනනම් හිතන්නේ නැහැ. ත්‍රස්ත කටයුතු ගැන ඔයිට වඩා කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු වේ. මොකද ත්‍රස්තවාදියා හැමවිටම අවස්ථාවදියකි. කොහොම උනත් ආරක්ෂක අංශ වැඩවලට ඇඟිලි නොගහා හිටියොත් කාගේ කාගේ ජිවිත වලටත් දීර්ග ආයුෂ.
ඇමැතිදූර බාරගන්නයි මෙපමන ආයාචනා කරන්නෙ ,ඔවුන් නැතිව රට ඉදිරියට යන්නේ නැති නිසාද එහෙම නැතිනම් ඉදිරි මැතිවරණයේදී තමන්ට වාසි බලාපොරොත්තු වෙන්ද.
සැකකරුවන් නිදහස් කරන තීරනය ගත යුත්තේ පරීක්ශන කරන අයද? මුස්ලිම් මන්ත්‍රිද? ජනාධිපතිද?
අන්තවාදීන් . මොවුන් කවදාවත් මැද සාවතකට එන්නෙ නැති තමා සහ තම වර්ගයා ගැන පමණක් හිතන පටු , ආකල්පවලට සීමාවුණු නිත්‍ය ආත්මාර්ථකාමීන්. සිංහල නායකයින් මොවුන්ගේ ඡන්ද ටිකට ලොබ බැඳ , ඔවුන්ව සිප සනසාලන්නට වෙර දැරුවහොත් එම නායකයින්ද මෙදා පාර ගෙදරම නතරවනු ඇත.
ඒ අය නිදහස් කර මේ අය ඇතුලට දාන්න ඕනේ.
මොන ආණ්ඩුව ආවත් මොවුන් ගොඩ!
හමුදාපති ප්‍රසිද්දියේ කීවේ අවුරුදු එකහමාරකින් අහන්න කියලනේ. ඒක ඇසුනේ නැද්ද?
බමුණුආරච්චි.. හමුදාපතිගේ කයිය විතරයි. අපි දැක්කනේ සාක්ෂි දෙන හැටි... මා හිතවත් ඇමතිතුමා බලපෑම් කලේ නැහැ කියලා...