IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බෝම්බ ප්‍රහාරය ගැන පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )
 
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු වී ඇති  පෙත්සම්, පස්දෙනකුට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි නීතිපති අද ( 31) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය මෙම දැනුම් දීම කළාය.
 
නීතිපතිගේ එම ඉල්ලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කිරීමට කටයුතු කරන බව දැනුම් දුන්  ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන ජුනි 06 වැනි දිනට කල් තැබීය.
 
එම ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ පියෙකු ගොනු කළ පෙත්සම, සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු  ගොනු කළ පෙත්සම ඇතුළු පෙත්සම් කිහිපයක් අද (31)   සිසිර ද ආබෘ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් යුතු  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳැවිණි.
 
ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු ගොනු කළ පෙත්සම අද  කැඳවූ අවස්ථාවේදී   වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍ර්මරත්න සහ නීතීඥ  විරාන් කොරයා යන  මහත්වරු පෙනී සිටියහ. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ගාමිණි පෙරේරා මහතා පෙනී සිටියේය.

 



අදහස් (1)

බෝම්බ ප්‍රහාරය ගැන පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

kaanthi Friday, 31 May 2019 07:57 AM

පෙත්සම් වල පසුපස ඉන්නේ කචුද .? කාගේ උවමනාවටද කියා පසුව දැනගන්න ලැබේවි ....අර ලග ඉන්න යාලුවාගේ පොන් එකෙන් වගේ ..සත්‍ය ජය ගනු නියතයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 320 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2135 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site