(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනා පරිහරණය කරන ලද යතුරුපැදි නවයක් ඇතුළු වාහන 18ක තොරතුරු බුද්ධි අංශ මගින් මේ වනවිට හෙළිකර ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම වාහන අතර වෑන් රථ 6ක්, යතුරුපැදි 9ක්, මෝටර් රථ 2ක් සහ කැබ් රථයක් ද වන බව පොලිසිය කියයි.
කොළඹ කින්ස්බරි හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් මුබාරක් මොහොමඩ් අසාම් නමැත්තාගේ නමට යතුරු පැදි 3ක්, වෑන් රථයක් සහ කැබ් රථයක් ලියාපදිංචි කර ඇතැයිද එම තොරතුරු වලින් හෙළි වූ බව එම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය.
අනෙකුත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඔවුන්ගේ නමට මෙන්ම භාර්යාවන්ගේ සහ සමීප ඥාතීන්ගේ නමටද වාහන ලියාපදිංචි කර පරිහරණය කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉකුත් 22 දින කොටහේන දේවස්ථානය අසළදී පුපුරුවා හරින ලද බෝම්බ සවිකළ වෑන් රථය කින්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් මුබාරක් මොහොමඩ් අසාම් නමැත්තාගේ නමට ලියාපදිංචි කරන ලද එකක් බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම වාහන 18න් 6කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බෝම්බකරුවන් 8දෙනා භාවිත කළ වාහන 18ක තොරතුරු සොයාගෙන
Chanak Los angeles Monday, 29 April 2019 06:46 AM
රටේ නායකයා කියපු විදියට ආරක්ෂක ලේකම් මේ ප්‍රහාරය ගැන මට කලින් කීවේ නැහැ කියන ප්‍රකාශය පිළිගත නොහැක . ඒක නිසා මේ පිලිබඳ කට උත්තරයක් ගත යුතුය .
දිමුත් Monday, 29 April 2019 07:06 AM
ඒවායේ අංක සහ වර්ණ ආදිය මහජනතාවටත් දැනගන්න සලස්වන්න.