(ඉන්දිකා රාමනායක)
අලුත් අවුරුදු සමය තුළ සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමත් හෙට (11) දින සිට 20 වැනි දින දක්වා දින 10 ක කාලක් දිවයින පුරා කි‍්‍රයාක්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපේ‍්‍රල් මස මාරක රිය අනතුරු බහුල වශයෙන් සිදුවන මාසයක් බවත් ඉන් වැඩිම රිය අනතුරු සිදුවන්නේ බීමත් රියදුරන් අතින් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
2016 වසරේ අපේ‍්‍රල් මාසය තුළ සිදු වු මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 268 දෙනෙක් ද, 2017 වසරේ 320 දෙනෙක් ද, 2018 වසරේ 296 දෙනෙක් ද, මියගොස් සිටි බව ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා දිවයින පුරා මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති අතර බීමත් රියදුරුන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන පරීක්ෂණ නළ 25000 ක් මෙරටට ගෙන්නා ඇති බවත් ඒවා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ මෙහෙයුම් වලින් 2016 වසරේ බීමත් රියදුරන් 56835 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, 2017 වසරේ රියදුරන් 72819 දෙනෙක් ද, 2018 වසරේ 105,094 දෙනෙක් ද, 2019 ගත වු ජනවාරි , පෙරවාරි මාස දෙක තුළ 19342 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේ පොලිස් මුලස්ථානයේ අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
COMMENTS
ඇයි මහත්තයෝ... අශීලාචාර ධාවනයේ යෙදෙන බස්, ත්‍රීවීල් වැනි අයට දඬුවම් නැත්ද? ට්‍රැෆික් රාළහාමිලා ඔවුන්ට කිරි පොවනවද?
අවුරුදු ඉවරවෙන්න ඉස්සර වෙලා මේ ගොල්ලන්ගෙන් කී දෙනෙක් ලක්ෂපතියො වෙයිද දන්නෙ නෑ.
නැහැ නැහැ ට්‍රැෆික් රාළහාමිලා ට ඔවුන්ට කිරි පොවනවා.....
දවස් 10 විතරද. දිගටම මේ නිතිය තිබුණානම් හොදයි නේද ?
කිරි කිව්වට කිරිම නොවේ
ජයවේවා .... වෙරි වෙලා වාහන වලට නගින එකෙක් දැක්කොත් .... අපි උන්ව .. පොලිසියට අල්ලලා දෙනවා ...!!!! මත්පැන් / මත්ද්‍රව්‍ය විකුණන උන්ව , දෙක්කොත් උන්වත් පොලිසියට අල්ලලා දෙනවා .... !!!!! ජයවේවා ..
උත්සව කාලෙට ගමන් බිමන් යන්ට බොන්නැති කීකරු රියදුරෙකු කුලියට ගම්මු. ඔයත් හිතල බලන්ඩ . ගානකට තට්ටු මොනවා කරන්ඩද . උත්සව කාල්ලේ දඩ අදායම වැඩි කරගන්ට ඒ අය බලනවා අපට ආදරේ කියල උත්සව කාලෙට දඩ නොගහන් ක්‍රුමයක්, රාළහාමි රියදුරා හොද වෙනකම් ලගම නවතා ගැනීම . විශේෂ ඒවලට කොටු පොඩිඅය තමා. සුබ අලුත් අව්රුද්දක් වේවා. විශේෂ ඒවාට අහුවෙන්න එපා...
බිමත්ව රිය පැදවීම නීතියෙන් තහනම් නේද? ඉතින් ඇයි මේ නින්දෙන් නැගිටලා වගේ
ඒ කියන්නේ මෙතරම් කාලයක් බීමත් රියදුරන් අත්අඩංගුවට අරගෙන නැහැ?
අවුරුදු සමයට විතරක් මෙම නීතිය ක්‍රියාත්මක කරන්න. අපේ මිනිස්සු බීලා වාහන එලවන්නේ අවුරුදු කාලෙට විතරද?
අවුරුද්දකට සැරයක් පවත්වන මෙම උත්සවයේදී ජනතාවට ටිකක් කාලා බීලා ජොලි කරන්න ඉඩ දිය යුතුයි. අධික බීමතින් රිය පැදවීම තහනම් බව කවුරුත් දන්නවනේ.
මේ රට තරම් මධ්‍යසාර බොන වෙන රටක් මේ ලොකේ වෙන කොහෙවත් නැහැ. පාරේ බල්ලු බළල්ලු වගේ මිනිස්සු මැරිලා යනවා. මේ නීතිය හැමදාම තිබිය යුතුයි. බටහිර රටවල් වල මේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා.
දැන් අපිත් පොලිසියට වැඩ කරනවා ... කිසි දෙකට බයවෙන්න එපා ... දැක්ක දුටු තැන හැම නීතිවිරෝධී ක්‍රියාවක්ම හෙලා දකිමින් ... අපි අපගේ උපරිම සහයෝගය පොලිසියට ලබා දෙනවා .!!! මේකට කියන්නේ නිර්භීත ධෛර්ය
බිමත් රියදුරන් පමණක් නොවෙයි සියලුම අසීලාචාර රියදුරන් අත් අඩංගුවට ගෙන දඩුවම් කලයුතුයි. මහමග අනතුරුවලට මුල රියදුරන් මාර්ග නීති පිළිනොපැදීම නිසා බව ඔබතුමා මට වැඩියෙන් හොදට දන්නා නිසා ඒ ගැන මේ දිනවල සැලකිලිමත් උනොත් වැඩිය හොදයි. මාර්ග නීති කඩා ගෙන මහමග දුවන අයව රදවා තබාගෙන පසුව යැවීම හොඳම දඬුවමයි.