අංජුල මහික වීරරත්න
බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ බරපතල වංචා දූෂණ කොමිසමෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා 32 වහාම එළිදක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද (28) පැවසීය.
ජනාධිපතිවරයා බරපතල වංචා දූෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර වාර්තා සියල්ල ලාච්චුවේ දමාගෙන ඉන්නා බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මහතා මෙසේ ද කීවේය.
“ඒකාබද්ධ කල්ලිය කතානායක පක්ෂග්‍රාහී බව දිගින් දිගටම කියනවා. මේ අය දිගින් දිගටම විපක්ෂ නායක තනතුර ඉල්ලා සිටියා. එසේ ඉල්ලා සිටියේ කතානායකවරයායි. ඔවුන් කතානායකගෙන් විපක්ෂ නායක ඉල්ලුවේ කතානායක පූර්ණ බලධාරියා නිසායි. මේ ඉන්නේත් ඒ කතානායකවරයායි.
අද කතානායකට ආණ්ඩුව තිබේ ද නැද්ද කියා තීරණය කිරීමට බලයක් නැතැයි කියන්නේ කෙසේද? කතානායකවරයාගේ ක්‍රියා සම්පූර්ණයෙන් ව්‍යවස්ථානුකූලයි.”
COMMENTS
ප්‍රමාද නොවී දෙපැත්තේම ඉන්න හොරුන්ට දඩුවම් ලැබෙනතුරු ජනතාව බලා ඉන්නවා.
අගමැති හා ආණ්ඩුව පත්කරන්නේ ජනාධිපති විසින් සහ විපක්ෂනායකකම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා කියලා දන්නේ නැත්ද? ඔබතුමා කියන විදියට මේ කතානායක ඉන්න පාර්ලිමේන්තුවේම තමයි අසන 50ක් විතර තියාගෙන රනිල් මහතා අගමැති වුනෙත්, අාසන 16න් සම්බන්ධන් මහතා විපක්ෂ නායක වුනෙත්... ඕකට තමයි කියන්නේ කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියලා.
නිමල්, ඔවුන් දෙගොල්ලම හොරුන් බව ඔවුන්ම පිළිඅරන් ඉවරයි. ඔවුන් කාටත් දඬුවම් දෙන්නෙ නැහැ. එදා ජනාධිපති කැඳවූ විදේශ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කිව්වා මේ රටේ දූෂණ, වංචා, චෝදනා නැති කිසිම දේශපාලකයෙක් නැති බවත්, අතීතයේ බැලුවොත් එක එක්කෙනාට චෝදනා කළත්, පසුව ඔක්කොම එකතු වෙන බවත්, එහෙම නැතුව ආණ්ඩුවක් බිහි කරන්න බැරි බවත් ඔහු සඳහන් කළා. ඔහු කළ වැරැද්ද සාධාරණය කරන්න ඔහු උත්සාහ කරනවා. ඉතා පැහැදිලියි ඔවුන් කාටත් දඬුවම් දෙන්නේ නැහැ. ඔවුන් දෙගොල්ලොම දැන් රටට ඔප්පු කරලා ඉවරයි... ඔවුන්ට තවදුරටත් රට පාලනය කරන්න හෝ සංවර්ධන කරන්න හෝ බැරි බව. ඔහුගේ ප්‍රකාශ අනුව, ඔහු ඉදිරියේදී ආයිමත් රනිල්ව හෝ ෆොන්සේකාව හෝ අගමැති කළොත් පුදුමයක් නැහැ. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව නිවැරදිව තීන්දු කළයුතුයි...
2015 දී මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව අගමැතිකම රනිල්ට දීලා පැත්තකට වුනේ පාර්ලිමේන්තුවේ බහුතරය බලල නෙමෙයි, ජන මතය බලලා. ඒක තමයි රටවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙනවා කියන්නේ... එදා මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ආසන 160කටත් වඩා තිබුණා. අද ජනමතය කොතැනද කියලා 2018 ඡන්දෙදි ඔප්පු වුණා. ලංකාවෙන් 52% ඡන්දෙ දුන්නේ මහින්ද සහ ජනාධිපති නායකත්වය දුන් කණ්ඩායම් වලට. දැන්වත් පිරිමිකම හිතට අරගෙන ජනමතයට ගරු කරලා අරලිය ගහ මැදුරෙන් පිට වුනොත් නේද හොඳ? එහෙම නැත්නම් දාපු පෙත්සම් නඩු ඉල්ලා අස්කරගෙන ඡන්දයක් හරහා අපි ඉදිරියට එන්න.
ඡන්දයකට යමු