(නිමන්ති රණසිංහ)
ශී‍්‍ර ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමෙන් 2016 වර්ෂයේදී අක‍්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව වෝහාරික විගණන පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරමින් බවතින බව රජයේ නීතීඥ ලක්මිණී ගිරියාගම මෙනෙවිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (28) ප‍්‍රකාශ කළාය.
මෙම බැඳුම්කර වංචාවට අදාළව විවිධ අංශ කිහිපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව තවදුරටත් විමර්ශන කරමින් පවතින බවත් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයට අනුබද්ධ ඩබ්ලිව් එම්. මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම් පිළිබඳව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රජයේ නීතීඥවරිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නාය.
2016 වර්ෂයට අදාළ බැදුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද(28) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
866
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බැඳුම්කර සිද්ධිය ගැන මහබැංකුවෙන් වෝහාරික විගණන පරීක්ෂණයක්