IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බැඳුම්කර නඩුවක චෝදනා 11කින් රවී ඇතුළු පිරිස නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු  අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්  11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු නීතිඥ මඩුල්ල මතුකළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළේය.

අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කළේය.



අදහස් (15)

බැඳුම්කර නඩුවක චෝදනා 11කින් රවී ඇතුළු පිරිස නිදහස්

Surain Monday, 06 December 2021 11:50 AM

තව ටිකක් ඔහොම යන්

:       0       0

මහසෙන් Monday, 06 December 2021 11:57 AM

එක රටක් එක නීතියක් උනහම මේ වගේ සාදාරන වැඩ වෙන්න ඕනා. බැඳුම්කර කියලා වංචාවක් උනේ නෑ. ඒක හිතලුවක්. ඒ නිසා මේ නඩුවම ඉල්ලා අස් කර ගන්න.

:       0       0

Suranga Monday, 06 December 2021 12:15 PM

දැන් එහෙමනම් කිසිම කෙනෙකුට එවකට රජය මහා බැංකුව කොල්ල කෑවා කියා කිසිදා යලිත් චෝදනා කල නොහැක.

:       0       0

Rohan Monday, 06 December 2021 12:27 PM

හා හා හොරෙ දැනුනා දැනුනා. මොකක්ද දන්නේ නැහැ ගහන්න යන ගැටේ

:       0       0

Hafeel Monday, 06 December 2021 12:31 PM

වාසනාවට ඔවුන් අඹ ගෙඩියක්වත් හෝ පොල් ගෙඩියක්වත් හෝ හොරකම් කලේ නැහැ. අද ඉඳන් මේ අඹ පොල් හොරකම් කරන හොරුන්ට මේක පාඩමක්.

:       0       0

ravin Monday, 06 December 2021 12:41 PM

අනේ කාලේ වනේ වාසේ.

:       0       0

de silva Monday, 06 December 2021 12:52 PM

ඔක්කොම යාලුවෝ

:       0       0

යෝගා Monday, 06 December 2021 12:57 PM

ඊලග අවුරුද්දේ ඉතුරු චෝදනා වලින් නිදහස් වෙනවා. ඊට එහා අවුරුද්දේ රාජසන්තක කල මුදල් ආපසු දෙනවා. ඊට පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් ආපහු මහ බැංකු අධිපති වෙනවා. එහෙමද?

:       0       0

Raveendra Monday, 06 December 2021 01:56 PM

( හොරකමින් පසු ගතවූ කාලය ) ( චෝදනා 44-චෝදනා 22 ) = ( හොරකමින් පසු ගතවූ කාලය ) (චෝදනා 22 ) ( හොරකමින් පසු ගතවූ කාලය ) (චෝදනා 22 - චෝදනා 22 ) = ( හොරකමින් පසු ගතවූ කාලය ) එබැවින් මෙහි නිවැරදි පිළිතුර = ( හොරකමින් පසු ගතවූ කාලය ) පමණි..

:       0       0

සෑම් Monday, 06 December 2021 01:59 PM

සියළු දෙය ධර්මානුකුලව සිදුවී ඇති නිසා දැනෙන්නේ මහත් ප්‍රීතියකි

:       0       0

කිරි පුතා Monday, 06 December 2021 02:07 PM

ඉතිරි 11 නුත් එයාලා නිදොස් කොට නිදහස් කර රටේ සාමාන්‍ය ජනයාට දඬුවම් කළ යුතුය .

:       0       0

gagana Monday, 06 December 2021 02:42 PM

බලන් යනකොට අන්තිමට මහබැංකු බිල්ඩිම අත්අඩංගුවට ගන්න වෙයි වගේ.

:       0       0

fairoos Monday, 06 December 2021 04:07 PM

දැන් සැපද?

:       0       0

අගුපිලගේ Monday, 06 December 2021 04:32 PM

ඔය කාලේ රවි මුදල් ඇමතිවරයා වුනත් ඔහුට මහ බැංකුව පාලනය තිබුනෙ අගමැතිවරයාට. එනිසා කොහොමත් රවිට ගැටලුවක් වෙන්න බැහැ .නමුත් මහ බැංකුවේ අධිපතිට හා ඔහු පත්කල අයට වගකීමක් නැහැ කියන්න අමාරුයි කාගේ වරදින් හෝ නැතිවුනේ ජනතා මුදල්

:       0       0

Bamunuarachchi Tuesday, 07 December 2021 06:40 AM

කෙනෙකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරනවා කියන එක රජයේ සේවකයෙක් නම් දන්නවා. මොකද පරක්කු වෙලා ආවා කියලා චාජ් එකක් දානවා නම් ඒ චෝදනාව විතරක් නොවෙයි, තව බොහෝමයක් එකතු වෙනවා. ඒ වගේ තමයි මේ චෝදනාත්... මේ ගොල්ලන්ට හිනාවෙන්න දෙයක් නැහැ.. තව චෝදනා 11ක් තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30508 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12520 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10903 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site