IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


බන්ධනාගාර වලින් දුරකතන 115 ක් සොයා ගැනේ

ඉන්දිකා රාමනායක
 

බන්ධනාගාර 15 ක් ආශි‍්‍රතව  ගත වු මාස දෙක තුළ සිදුකළ වැටලීම් වලින් ජංගම දුරකතන 115 ක් සමඟ නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

බන්ධනාගාර තුළ සිටි බුද්ධි නිලධාරීන් මෙම වැටලීම් සිදුකර ඇති බවත්  අත්අඩංගුවට ගත් සෙසු භාණ්ඩ අතර    සිම් කාඞ් පත් 127 ක්,  ජංගම දුරකතන බැටරි 57 ක්,  දුරකතන චාජර්  27 ක්,   හා කුඩා ප‍්‍රමාණයේ මත්ද්‍රව්‍ය පැකට් 116 ක් තිබු බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම නීති විරෝධී  භාණ්ඩ වැඩි වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ හා කළුතර බන්ධනාගාර වලින් එම ද එම නිලධාරියා කියා සිටියේය.

කළුතර බන්ධනාගාරයෙන් ජංගම දුරකතන ප‍්‍රමාණය 17 ක් සහ සිම්කාඩ් පත් 13 ක් අත්අඩංගුවට ගත් බවද  එම ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාර තුළ සිදුවන මෙම නීති විරෝධී ජාවාරම් නැවැත්වීම සඳහා  බුද්ධි නිලධාරීන් දිනපතාම රාත්‍රී කාලයට මෙහෙයුම් සිදුකරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.  



අදහස් (4)

බන්ධනාගාර වලින් දුරකතන 115 ක් සොයා ගැනේ

suwaris Friday, 07 December 2018 11:15 AM

නිලධාරීන්ට මෙය විසඳීමට වුවමනාවක් ඇත්නම් සිරකුටි දුරකථන ජාල ආවරණයන් නොමැති කලාපයක් බවට පත්කරන්න. අඩු වියදමකින් කළහැකි සාර්ථකම විසඳුම එයයි. බොරු මාධ්‍ය සංදර්ශන නොකර පිළියම් යොදන්න නිලධාරීන් සිතට ගන්න.

:       0       0

Mohamed Saturday, 08 December 2018 02:47 AM

ඇයි බැරි මේ ගොල්ලන්ට රුපියල් 5000 වියදම් කරලා සිග්නල් ජැමර් එකක් දාන්න.

:       0       132

sandy123Saturday, 08 December 2018 06:15 AM

අයියෝ ඔයාට තේරෙන්නේ නැත්ද අයියා? එහෙම කලොත් ජරාව කන්න ලැබෙන්නේ නැහැනේ. ඉතින් හොඳ දේවල් ක්‍රියාත්මක කරන්නේ ඇයි?

:       0       24

PerakumSaturday, 08 December 2018 09:32 AM

මොහමෙඩ් ඔබ හරියට හරි. කාලයක් තිස්සේ එන මේ යෝජනාව බන්ධනාගාර කොමසාරිස් ඇතුළු නිලධාරි මණ්ඩලය විවිධ හේතු දක්වමින් ප්‍රතික්ෂේප කරනවා. ඊට හේතු ඉතින් අපි හිතාගන්න ඕනෑ...! ලංකාව තුළ මත් ද්‍රව්‍ය උවදුර සහ පාතාල උවදුර පවතිනතාක් බන්ධනාගාර නිලධාරීන් මීට විරුද්ධ වන්නේ මන්දැයි ඔබටත් මටත් සිතා ගත හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site