(අධිකාරි මුදියන්සේ )  

වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි  රැඳවියන්  දෙදනකු  පොල්ගවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී  බසයෙන් පැනගොස් ඒ ආසන්නයේ අදාහනාගාර වැසිකිළියක සැඟව සිටියදී  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව  පොල්ගහවෙල පොලිසිය පවසයි.

රැඳවියන් රැගෙන   බස් රථ තුනක්  ගමන් කර ඇති අතර  කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී බස් රථ  තුනෙන්  එක් බසයක  සිටි රැඳවියන්  පිරිසක් බසය තුළ කළහකාරී තත්ත්වයක් ඇති කිරීමත් එහි  සිටි නිලධාරීන් තත්ත්වය පරික්ෂා කිරීමට දොරගුළු විවෘත කිරීමත් සමඟ  රැඳවියන් හතර දෙනකු බස් රථයෙන් පිටතට පැමිණ  පලා යෑමට උත්සාහ  කර තිබේ.

එම අවස්ථාවේ දී ඉන්  රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි මාංචු  සමග  මිදී පළාගොස් ඇති අතර පසුව  කොස්කැලේ ප්‍රාදේශිය සභාවට අයත් අදාහනාගාර වැසිකිලියේ  සැඟව සිටියදී මෙලෙස  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු රැඳවියන් දෙදෙනා අත්අඩංගුවට  ගත් බවත් අත්අඩංගුවට පත් රැදවියන් දෙදෙනා නැවත බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන බවද පොල්ගහවෙල පොලිසියේ   නිලධාරින්  පැවැසීය.