(ජයන්ත සමරකෝන්)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත හෙරොයින් පැකට් ගල්කැටවල ඔතා එහි වයිඕ වාට්ටුව වෙතට විසිකරන බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
වැලිකඩ බන්ධනාගාරය හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙන්වන්නේ එක් තාප්පයකින් වීම මෙම හෙරොයින් ගල්කැට ජාවාරමට පහසුවක් වී ඇතැයි පැවසේ.
වැලිකඩ බන්ධනාගාරයේ වයිඕ වාට්ටුවේ මත්ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳින සිරකරුවන් විශාල පිරිසක් රඳවා සිටින අතර එම වාට්ටුවට වැටී තිබූ හෙරොයින් පැකට් කිහිපයක් නිලධාරීන් සිය බාරයට ගෙන ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එවැනි සිද්ධීන් 10ක් පමණ මේ වනවිට වාර්තා වී ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
යකාගේ බන්ධනාගාර මෙව්වා...
ගම්පලාත්වල , පෙට්ටි කඩවලත් දෑන් CCTV කෑමරා තියෙනවා. ඈයි මෙතන ඕක දාන්න බෑරි..? ඕක රකින අය, හිරකාරයන්ට වඩා නීති කඩනවා. මේ ලෝකෙ CCTV කෑමරා නෑති සිර ගෙවල් තියෙන එකම රට වෙන්න ඈති.
වහාම සියලු බන්ධනාගාර එස්ටීඑෆ් යටතට පත්කරන්න. ඉවසුවා හොඳටම ඇති. කුඩ්ඩන්ගේ පාතාලයන්ගේ සහයට තවත් බන්ධනාගාර නිලධාරීන් නැතැයි කීමට බැහැ. එහෙයින් සියලු බන්ධනාගාර නිලධාරීන් ගැන සැකයෙන් බලා සිටිය යුතුයි. ජරාවට අල්ලසට ගිජු වූ අය එක්වරම තම අරමුණු හා ආදායම් මාර්ග නවත්වන්නේ නැහැ. නීතියෙන් බේරී ඒවා කිරීමට ක්‍රම සහ විධි යොදනවා විය හැකියි.
අපි හිතුවේ දැන් බන්දනාගාර ප්‍රශ්න විසඳලා හමාරයි කියලා...