(විනීතා එම්. ගමගේ)
බන්ධනාගාර ආශ‍්‍රිතව ඇතිවී ඇති ගැටලු විසදීම සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට පියවර ගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
රජයේ රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප‍්‍රමාදයන් නිසා අති විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් රේගුව, පොලිසිය, බන්ධනාගාරය, පුනරුත්තථාපන අංශ ඇතුළු අදාල ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ යුතු බවත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැළසීමට කඩිනම් පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ. බන්ධනාගාර ඇතුලත දැඩි තදබදය පිටු දැකීම පිණිස දැනට හ`දුනාගෙන ඇති ස්ථානවල පර සවි ක‍්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව ගැන සොයා බලන්නැයි ද රාජපක්ෂ මහතා බලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටළු විමර්ශනය කර විසඳුම් නිරදේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දීය.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහත්වරුද, අදාල අමාත්‍යංශ ලේකම්වරු හා ආරක්ෂක අංශ ප‍්‍රධානිහු ද මෙම සාකච්ඡාවට එක්වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති කාර්ය සාධක බළකායක්
සුනිල් සමරවීර Friday, 11 December 2020 02:30 AM
හැම එකකටම ජනාධිපති කාර්ය සාධක බලකාය.... මොන එකද සාර්ථක උනේ? මොන එකකටද විෂය භාර ඇමතිවරු පත්කරලා මහජන මුදලින් නඩත්තු කරන්නෙ? සේරම අමාත්‍යාංශ ටික ජනාධිපතිම පවරගත්ත නම් ඉවරයිනේ.
athula Friday, 11 December 2020 08:45 AM
IP රංගජි්වත් ඉන්නවද ඔය කමිටුවේ මෙයාගෙ කමිටු ජනාධිපතිගෙ නියෝගයක් නැතිව මෙහෙම සිරකරුවන් මරාදමන්න පුළුවන්ද...? සිරකරුවන් අයිති අධිකරනයට අද හිට්ලර්ගෙ ආණ්ඩුවක් තියෙන්නෙ අද ඔවුන්ට හෙට කාටද කියල කවුද දන්නෙ..?.