IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


බදුලු තැපැල් දුම්රියේ ප්‍රමාදය ගැන වාර්තාවක් කැඳවයි

 

(නිමල කොඩිතුවක්කු)

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය රියදුරන්  අතිකාල දීමනා ලබාගැනීමේ අරමුණින් බණ්ඩාරවෙල දුම්රිය  ස්ථානය දක්වා ගමන් කිරීම හිතාමතාම ප්‍රමාදකිරීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත පසුගියදා (8) කළ අනාවරණයෙන් පසු ඒ පිළිබඳ  වහාම වාර්තාවක් කැඳවීමට   දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.

දුම්රිය ප්‍රමාදය සිදුකිරිම සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නාවලපිටිය ප්‍රවාහන අධිකාරී ඩබ්ලිව්. ජී. ඒ කරුණාරත්න මහතාට දැනුම්දී ඇත.

එම වාර්තාව ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

බදුල්ලෙන් පස්වරු 5.50ට කොළඹ බලා ධාවනය වන දුම්රිය පස්වරු 7.30ට බණ්ඩාරවෙලට පැමිණීමට නියමිතව තිබුණත් දිනපතාම එම දුම්රිය බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයට ලඟා වනවිට රාත්‍රී 8.30 පසුවන බවට මගීහු චෝදනා කළහ.

බදුල්ල සිට  බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයට කිලොමීටර් 35ක දුරකින් සමන්විත අතර බොහෝ ස්ථානවල දුම්රිය වේග සීමා ඉවත්කර  තිබියදීත් මෙලෙස දුම්රිය හිතාමතා ප්‍රමාද කර ධාවනය කර ඇති බවද ඔවුහු සදහන් කරති.

බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයෙන් දුම්රිය රියදුරන් මාරුවන අතර එම රියදුරු සහ සහායක කොළඹින් බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල්  දුම්රිය බණ්ඩාරවෙළින් රැගෙන පසුවදා උදෑසන යළි බදුල්ල බලා ධාවනය වීමට නියමිතය.

දුම්රිය ප්‍රමාද වී බණ්ඩාරවෙල බලා රැගෙන එනවිට  විට එම දුම්රිය රියදුරුට සහ සහයකට පසුවදා උදෑසන වනතෙක් අතිකාල දීමනා ගෙවන බැවින් ඔවුන් මෙසේ හිතාමතාම දුම්රිය ප්‍රමාද කර ධාවනය කරන බවද වාර්තා වේ.

මේ හේතුවෙන් දුම්රිය කොළඹ බලා ධාවනය කිරීමට ප්‍රමාද වන අතර එම මාර්ගයේ සියලුම දුම්රිය වලටත් මෙම ප්‍රමාදය බලපානු ලබයි. 



අදහස් (1)

බදුලු තැපැල් දුම්රියේ ප්‍රමාදය ගැන වාර්තාවක් කැඳවයි

sachith Sunday, 13 September 2020 12:40 PM

තවත් කමිටුවක්, වාර්තාවක්, මගීන්ට වෙන සෙතක් නැහැ. උපරිම මේ කෝච්චි හිතාමතා පරක්කු කරන අය ස්ට්‍රයික් එකක් කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිකුරාදාට සියලු පාසල් වැසේ
2024 සැප්තැම්බර් මස 19 23 0

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.


රිය අනතුරින් දෙකක් මරුට
2024 සැප්තැම්බර් මස 19 105 0

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.


මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් 1358 ක්
2024 සැප්තැම්බර් මස 19 62 0

ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.


මිදිගමත් වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 19 404 0

මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.


මැතිවරණ රාජකාරි සදහා විශේෂ දුම්රියක්
2024 සැප්තැම්බර් මස 19 330 1

ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය


දෙහිවල වෙඩි තැබීමක් : හෝටල් හිමිකරු මරුට
2024 සැප්තැම්බර් මස 19 998 0

දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 35 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 118 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2169 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site