IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව වහයි

(පාලිත ආරියවංශ) 
 
බදුල්ල මහ රෝහලේ  පිළිකා වාට්ටුවේ 31  දෙනෙකු අද (5) කොරෝනා වයිරස ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ.

මේ අතර වෛද්‍යවරයෙක් , කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්  රෝගීන් හා රෝගින් බලාගැනීමට සිටි 29 දෙනෙක්  වෙති.

මීට පෙර ඉකුත් 2 වනදා මේ වාට්ටුවේ හෙදියක්   ආසාදිතයෙන් බවට හදුනාගත් අතර තවත් හෙදියක් හා කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකු හා රෝගයෙක් ආසාදිතයින්  බව ඊයේ (4) හඳුනා ගැණිනි.

මේ තත්වය මත සිදුකළ  පී.සී. ආර් පරික්ෂණ වලදී අද දින අලුතින් 29 දෙනෙකු මේ වාට්ටුවෙන් ආසාදිතයන් බව හදුනාගෙන තිබේ .
මේ හේතුවෙන් පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගනු ලැබීය.

රෝහල් කාර්ය මණ්ඩලයේ ආසාදිතයන් සියළු දෙනා කොවිඩ්  මර්ධන එන්නත ලබාගෙන සිටි අය බවද  දැනගන්නට ඇත.



අදහස් (2)

බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව වහයි

Ratne Friday, 05 March 2021 05:16 AM

මෙතන එන්නත ගත් 7 දෙනෙකුම ආසාධිත වෙලානේ... බලනකොට ධම්මික පැණිය තරමටවත් සාර්ථක නැද්ද? තෝරාගත් කණ්ඩායමකට හෝ දෙවන මාත්‍රාව ද හැකි ඉක්මණින් ලබා දී, සාර්ථකත්වයක් ඇත්දැයි තහවුරු කර ගැනීම ඉතා වැදගත්... එන්නත ලබා ගැනීමේ පහසුව හෝ නොමිලේ යම් ප්‍රමාණයක් ලැබීම පමණක් සලකා, සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබා දීම එතරම් සුදුසුද?

:       2       1

Lakmal Friday, 05 March 2021 06:03 AM

මිනිස්සු මැරෙන්නේ කොරෝනා හින්දා නෙමෙයි. මේ අනවශ්‍ය බිය හින්දා කරන ගොං වැඩ හින්දා. ලෙඩකට බේතක් ගන්න නෑ. ඔන්ලයින් හින්දා දරුවො පිස්සො වෙලා. ගෙවල් වලට හිරවෙලා අරක්කු බොන එකෙන් ගෙදරම මිනිස්සු ගහ මරා ගන්නවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site