IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය ගිලා බැසීමෙන් මංතීරුවක් වහයි

(නිශාන්ත කුමාර)
 
බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන  මාර්ගය දෙමෝදර හංදියට නුදුරු ප්‍රදේශයේදී  ගිලාබැසීම හේතුවෙන් මාර්ගයේ එක් මං තීරුවක කොටසක්  වසා දමා තිබේ.
 
ඒ අනුව, මාර්ගයේ මීටර් 50 ක පමණ කොටසක්  වසාදැමීමට මාර්ග  සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
 
මාර්ගය ගිලා බැසීමට ලක් වූ ස්ථානයේ ඇති පැති බැම්මේ ද පිපුරුම් කීපයක් දක්නට ඇති අතර, එම ස්ථානයේ පිහිටි වේල්ලේ අඩි 10 ක පමණ කොටසක් පහළින් පිහිටි බදුලුඔය දක්වා නාය ගොස් තිබේ.
 
මීට තාවකාලික විසඳුමක් ලෙස වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කිරීමට පියවර ගෙන ඇත.
 
එසේ වුවත් මෙම ස්ථානය සහ ඊට ආසන්නව පිහිටි පැති බැම්ම ඉක්මණින් අලුත්වැඩියා නොකළහොත් ඉදිරියේදී මෙම ස්ථානයේ විශාල නායයෑමක් සිදු වී ඇතැම්විට මාර්ගය දින ගණනාවක් වසා දමන්නට සිදුවිය හැකි යැයි ප්‍රදේශවාසීහු  අනතුරු අඟවති.

 



අදහස් (0)

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය ගිලා බැසීමෙන් මංතීරුවක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 888 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site