IMG-LOGO

2023 මැයි මස 31 වන බදාදා


බදුල්ලේ පාසලක අභ්‍යන්තර ලිපිගොනු බලෙන් රැගෙන යයි

(එෆ්.අස්ලම්)

අධීක්ෂණ රාජකාරි සඳහා බදුල්ල ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයට පැමිණ ඇති බදුල්ල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂවරියක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම විද්‍යාලයේ පෞද්ගලික හා අභ්‍යන්තර ලිපිගොනු තොගයක් රැගෙන ගොස් තිබේ.

බදුල්ල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂවරියකගේ අනුදැනුම මත විද්‍යාලයේ විදුහල්පතිවරියගේ කාර්යාලයට ඇතුළු වී තමාගේ අනුදැනුමකින් තොරව මෙකී ලිපිලේඛන රැගෙන ගොස් ඇති බවට එම විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

පසුගිය 13 වැනිදා බදුල්ල කලාපයේ නිලධාරීන් පිරිසක් විද්‍යාලයේ බාහිර අධීක්ෂණ කටයුතු සඳහා පැමිණ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමාලෝචන රැස්වීමට කැඳවූ අවස්ථාවේදී මෙම ලිපිගොනු සොරාගෙන ඇත.

පසුදින 14 වැනිදා ලිපිගොනු අස්ථානගත වී ඇති බව සැලවීමෙන් පසු විදුහල්පතිනිය කාර්යාලයේ සිටි අනධ්‍යන සේවකයකුගෙන් විමසා ඇති අවස්ථාවේදී අධ්‍යාපන කලාපයේ නිලධාරියකු මැඩම් ගේන්න කීවා යැයි කියමින් ලිපිගොනුව රැගෙන ගිය බව පවසා තිබේ.

ඒ අනුව විදුහල්පතිනිය බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර ඇති විදුහල්පතිනිය මේ පිළිබඳ පාසල් සංවර්ධන සමිතිය ද කැඳවා අවධාරණය කර ඇත.

ඌව පළාතේ එකම මුස්ලිම් කාන්තා විද්‍යාලය වන මෙම විද්‍යාලයට යම් හිරිහැරයක් සිදුකිරීමේ අරමුණින් මෙම ලිපිගොනු සොරාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරමින් අදාළ පියවර ගතයුතු බවත් පාසල් සංවර්ධන සමිතිය ද අවධාරණය කර සිටින අතර එම ඉල්ලීම ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාට ද යොමුකර ඇත්තේ ඒ අනුවය.
 



අදහස් (8)

බදුල්ලේ පාසලක අභ්‍යන්තර ලිපිගොනු බලෙන් රැගෙන යයි

Asanka Sunday, 23 June 2019 09:23 AM

සොරාගෙන වෙන්නේ කොහොමද දන්නවනේ ගත්ත අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂවරියක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කියල, අධ්‍යාපන අමාත්‍යංශයට ඇති බලතල පාවිච්චි කරලා තමයි ගෙනියන්න ඇත්තේ , අනික ජනතා බදුමුදලින් නඩත්තුවෙන රජයේ විද්‍යාලයක කොහොමද විදුහලේ පෞද්ගලික ලිපිගොනු තියෙන්නේ මේ කතාව ජාතිය පාවිච්චිකරලා වෙනත්ම පැත්තකට ගෙනියන්න හදනබව පේනවා, රජයේ නිලධාරීන්ට අපක්ෂපාතිව චක්‍රලේඛයක් හදන්නත් බැරි විදියට ජාතිවාදය ඔඩු දුවල ඇතිබව අපි දැක්ක

:       972       1265

සේන Sunday, 23 June 2019 10:45 AM

ලිපි ගොනු ගෙනිහින් තියෙන්නේ ජොලියට නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒවගෙ ඇත්තේ නීති විරෝධී දේවල්. අපි බලමු ඒ ගැන දැනගන්න පුලුවන් වෙයිද කියලා...

:       211       625

hasitha Sunday, 23 June 2019 11:46 AM

ඔබ හරි. මුස්ලිම් අන්තවාදී නම් ඉතින් නීතිවිරෝධී වෙන්න ඕනෙමයි.

:       87       190

nuwan Sunday, 23 June 2019 11:25 AM

සියලු මුස්ලිම් පාසල් තහනම් කළ යුතුයි. මුස්ලිම් ආගම පාසල්වල ඉගැන්වීම තහනම් කළ යුතුයි. රටේ සියලු සිසුන්ට බුද්ධ ධර්මය ඉගැන්විය යුතුයි.

:       712       356

AmalSunday, 23 June 2019 01:21 PM

මුස්ලිම් බෞද්ධ, ක්‍රිස්තියානි කියලා ආගම්වලට බෙදලා පාසල් ඕන නැහැ... රටේ සියලුම පාසල්වල ආගම් 3 ම උගන්වන්න ඕනෑ. එතකොට ඔය සමහර ආගම්වල හංගන් ඉන්න රහස් හැමෝටම දැනගන්න පුළුවන්, එයින් විවෘත්ත මනසක් ඇති දරු පරපුරක් බිහිවෙනවා.. ඔය ජාතිවාදී කොටු කිරීම් තවදුරටත් ඕනෑ නැහැ.

:       1       196

Raveendra Sunday, 23 June 2019 11:42 AM

බලෙන් අරගෙන යන්න කරාබු කුට්ටමක් වගේ දෙයක්ද මන්දා? මෙම පුවත කියවීමේදී හරියට ඒ පැමිණි නිලධාරීන් සියලුම ලිපි ගොනු හොරා ගෙන පලා ගිහින් වගේ.. මෙයා හරියට විගණක නිලධාරින්ට ආයතනයකට එනවිට ඒමට ප්‍රථම දැන්වීමක් කර පැමිණෙන්න කිව්වා හා සමාන නොවේද?

:       81       132

රවින් Sunday, 23 June 2019 01:08 PM

බාහිර පරීක්ෂණ සඳහා පැමිණි කට්ටිය හරියටම කොහොමද දන්නේ ඔය ලියකියවිලි ගැන? පුද්ගලික ලිපිගොනුවක් නම් ඇයි පාසල තුළ තිබුනේ? මොකක් හරි හොරයක් තියෙන්න ඕනේ නේද? බොරු පැමිණිල්ලක් දාලා හොරේ අහුවෙයි කියලා. අර පහුගිය ටිකේ පුත්තලම පැත්තෙයි තව කොහේ හරි තිබුණා නේද? හොරට අ.පො.ස ලියන්න රෙජිස්ටර් හදලා කියලා. ඒ වගේ වැඩක්ද දන්නේ නැහැ. කල්පනාවෙන් ඉමු.

:       14       108

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 23 June 2019 03:12 PM

පාසැලකට අභ්‍යන්තර ලිපි ගොනු කියලා දෙයක් තියෙන්න පුළුවන්ද...? පළමුව කියන්න මේක පෞද්ගලික පාසැලක්ද.. රජයේ පාසැලක්ද කියලා..? මොනව වුණත් රහස් ලියවිලි කියලා ජාතියක් දරුවන් අධ්‍යාපනය ලබන පාසැලක තියෙන්න බෑ..

:       6       86

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕ.අයි.සී ගේ ජීප් රියේ අසභ්‍ය වැකි ලියු සී.අයි ට වැඩ වරදී
2023 මැයි මස 31 48 0

ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන් ලිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කරමින් සිටි ප්‍රධාන පොලි


ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා රේගු ගිවිසුමට අත්සන් තබති
2023 මැයි මස 31 46 0

ශ්‍රී ලංකා රේගුව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර රේගු කරුණු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට පර්ත් නුවරදී අස්සන් තැබීය.


තැනින් තැනට අද තද වැසි
2023 මැයි මස 31 273 0

දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අගමැති තායිලන්තයට
2023 මැයි මස 31 412 1

නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .


ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ
2023 මැයි මස 30 1094 12

ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවත් දිගින් දිගටම කෙනෙහි


ඡංගම විදුලි වැටක් සකසයි
2023 මැයි මස 30 775 3

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි බහුල ප්‍රදේශයක් වන හබරණ බෙල්ලන්කඩවල කුඹුරු යායක් ආවරණය වන පරිදි ජංගම විදුලි වැටක් ඉදිකර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 80 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 813 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 500 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site