IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ලේ කසළ කන්ද වෙනත් ස්ථානයකට ගෙනයන්නැයි පළාත් ආණ්ඩුකාර කියයි

(එෆ්.අස්ලම්)
 
බදුල්ල නගරයට විශාල හිරිහැරයක් වී තිබෙන කසළ කන්ද වෙනත් සුදුසු ස්ථානයකට ගෙන යාම වෙනුවෙන් කඩිනම්  ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඌව පළාත් ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මහතා බදුල්ල මහ නගර සභාවට සහ පළාත් සභාවේ බලධාරීන් හට අද(15) නියෝග කළහ.
 
1983 වසරේ සිට ගොඩගැසී ඇති බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය සහ කසළ  ප්‍රතිචක්‍රීකරණ ඒකකයෙන්  හමන දුගද මෙන්ම නගර මධ්‍යයේ කසළ කන්ද පිහිටා තිබිමෙන් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති පීඩාව මත කසළ බැහැර කිරීම සදහා වෙනත් සුදුසු ස්ථානයක් තෝරා ගන්නා ලෙසට ද ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දුන්හ.
 
බදුල්ල නගරයේ කසළ කළමණාකරණය පිළිබද සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාවලීන් ප්‍රගතිය විමසීමේ විශේෂ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15) ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පැවැත්විනි.
 
ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්,පළාත් පාලන ලේකම්,පළාත් පාලන කොමසාරිස්,බදුල්ල නගරාධිපති,උපනගරාධිපති ප්‍රමුඛ මන්ත්‍රීවරුන් මෙන්ම නාගාරික කොමසාරිස්,නාගරික ඉංජිනේරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකකවරුන් මෙම සාකච්ඡාව සදහා සහබාගී වූහ.
 
කසළ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාදාමය තවදුරටත් වැඩිදියුණු කිරීම,කසළ කන්ද වෙනත් සුදුසු ස්ථානයක් කරා ගෙන යාම සහ දෛනිකව ඒකරාශී වන කසළ ටොන් ප්‍රමාණය අවම කරගැනීම සහ කසළ දිරාපත් වීම කඩිනම් කිරීම වෙනුවෙන් ක්ෂුද්‍රජීවී විශේෂයකින් සකස් කළ බැක්ටිරියාව භාවිතයට ගැනීම  ආදී කාරණා රැසක් පිළිබද මෙහිදී සාකච්ඡාවට බජුන් විය.
 
ඌව පළාතේ අගනගරය වන බදුල්ල නගරය පළාතේ ප්‍රධාන පරිපාලන නගරය වීමත්,  වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය,පිහිනුම් අංගනය,උද්භිද උද්‍යානය ඇතුළු ක්‍රීඩාංගණවලට යාබදව කසළ කන්ද පිහිටීමෙන් මුහුණ දීමට සිදුව ඇති පීඩාවන් පිළිබදවත් මහ නගර සභාව විසින් ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදවත් මෙහිදී සාකච්ඡා විය.
 
අක්කර 13ක භූමි කසළ කන්ද ඉවත් කිරීම සහ එම ස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය මත වනාන්තර නගරයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් කටයුතු කරන ලෙසට ද ආණ්ඩුකාරවරයා බලධාරීන් වෙත උපදෙස් දුන්හ.
 
මෙම සාකච්ඡාව සදහා ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය මගින් බදුල්ල මහ නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25 දෙනාටම ඇරයුම් කළද සාකච්ඡාව සදහා පැමිණ සිටියේ මන්ත්‍රිවරුන් 16 දෙනෙකු පමණි.

 



අදහස් (3)

බදුල්ලේ කසළ කන්ද වෙනත් ස්ථානයකට ගෙනයන්නැයි පළාත් ආණ්ඩුකාර කියයි

රවින් Friday, 15 May 2020 12:57 PM

හැ ! ඌව ආණ්ඩුකාරවරයා ජනාධිපතිට වඩා ඉහලින්ද ඉන්නේ? රටේ සැවොම මීටරයේ පරතරය තියාගෙන ඉන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් දුන්නු හන්දා ජනාධිපතිතුමාත් එම උපදේසය පිළිපදිනවා. අර දෙවෙනි පින්තුරේ ඉන්න කට්ටියට මිටරෙයි, සෙන්ටිමිටරෙයි පැටලිලා වගේ. ඉන්නෙත් ඉස්සරහින්ම ආණ්ඩුකාරවරයා ඉදිරියෙන්මයි. අනිකුත් පින්තුරත් පැහැදිලි මදි හින්දා කියන්න අමාරුයි. අර ලෝකෙට ලොක්කාට හැදිලා තියෙන කොවිඩ් ප්‍රබේදය මෙ ගොල්ලන්ටත් හැදිලද මන්දා....?

:       12       0

janahitha Saturday, 16 May 2020 01:25 AM

කසළ කළමණාකරණය පිළිබද දැනුම ඇති ඉන්ජිනේරුවම් පළාත් පාලන ආයතන තුළ නැහැ. මහා ආණ්ඩු තුළත් නැහැ

:       0       0

Kumar Saturday, 16 May 2020 02:16 AM

බදුල්ලේ කසළ කන්ද බාරගන්න කැමති.කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන්න. පසුගිය රජයෙන් කසල ගැන උපදෙස් දෙන්න කොමිටියක් පත් කළා නේද ? ඒ අයගෙන්වත් අහලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site