අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතනහිමියෝ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ උපවාසයක් ඇරැඹුහ.
අද (31) උදෑසන රතනහිමියෝ මෙම උපවාසය අරඹා ඇත.
(ඡායාරූප - චමිල් රූපසිංහ)






COMMENTS
මුජිබර් රහුමාන් ඉවත් කරන්න ඕනේ නැද්ද. ඔබ වහන්සේ තමයි මේ ජඩ ආණ්ඩුව හදන්න මුල් උනේ.
හොද උත්සහයක් , අනිත් හාමුදුරුවරුත් ඔතනින් වාඩි උනානම් ජයග්‍රණය කරන්න තිබුන
මුලින්ම කියන්න තියෙන්නේ මේ අපරාධ වලට සම්පුර්ණයෙන්ම වගකිවයුතු හිස්බුල්ලාට තවත් වැදගත් තනතරු දෙමින් මේ ප්‍රශ්නය තවත් දරුණ අතකට යොමුකරන සිරිසේන ඉවත් කිරීමට මුළු රටම උපවාස කල යුතුයි .
සිල්වත් හිමිවරුන්ගේ හඬ දළදා හාමුදුරුවන්ට ඇසෙනු ඇත. මින් පෙරට කිසිම හමුදුරුවන්කෙනේකුටවත් දේශපාලනය කිරීමට ඉඩද නොලැබෙනු ඇත. බුදුන් මග යමින්, ජාතිය බේරාගැනීමට මෙවැනි ලෙස එනවිට බොහෝ මිනිසුන්ද එමගින් එකතු වේ.
රට ජාතිය වෙනුවෙන් ඔබ වහන්සේ මේ ගන්න උත්සාහයට රටේ බහුතරයක් ජනතාව තෙරුවන් සරණ පතනවා පාට බේදයකින් තොරව මේ මොහෙතේ රට වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන්න ඕන.
ඕන එකක් බුදුහාමුදුරුවන්ව ගාව ගන්නේ නැතුව.
අර දවස් 52 ආණ්ඩුව පිහිටුවන්නත්, බහුතරය හදා ගන්නත් ඔය කියන කට්ටියට කෝටි ගණන් දුන්නු වෙලාවේ, හිස් බුල්ලාට ඇමති තනතුරු එහෙම දෙන වෙලාවේ ඔය සිතුවිල්ල පහල වුනේ නැත්තේ මොකද අපේ හාමුදුරුවනේ? දවස් 52 ආණ්ඩුවට හේත්තු වෙන වෙලාවේදී ඒ ගොල්ලෝ සුදනෝ හැටියටද පෙනුනේ? දැන් මිනිස්සු නම් කියන්නේ " අතන, මෙතන කොතන ගියත් මම රතන " කියලයි අපේ හාමුදුරුවනේ...
රටට ආදරය ඇති දූෂණය නැති අය. ඔබවහන්සේට ජය!!
ඔබලාම වපුරන දේවල්වල අස්වැන්න තමයි ඔය අපේ හාමුදුරුවනේ...
අපේ හාමුදුරුවනේ. මේ චීවරයට ගරුකරණ රජයක් නොවේ. ග්ල්යිපොසේට් බොරුවට තහනම් කරලා ආයේ අවසර දුන්නා වගේම මේ අයටත් ඒ තනතුරුවල රැඳී ඉන්න ඉඩ දෙනවා. ආයේ ඒකෙදෙකක් නැහැ. ඔබවහන්සේට වෙන්නේ අකාලයේ අපවත් වෙන්නයි.
අනේ මේ අයට පිස්සුද? මට පිස්සුද? අපේ රටටම පිස්සුද?
අපි බලමු අපේ පාලකයන් කරන්නේ මොනවද කියලා.. අපි නීතිය අතට ගන්න හදන්න හොඳ නැහැ.
ගෙවන්නේ කළ පව් දුරදිග නොබලා. (යහපාලනය ගේන්න මුල් වී අද වනතුරු අකටයුතුකම් දැක දැක නිහඬව සිට දැන් ඇහැරිලා)
අපිට නම් පිස්සු නැහැ... අපි හොඳ සීරුවෙන්...
අනේ මේ කැපවීම රහත් අරහත් වෙලා ලංකාවේ බුද්ධ සාසනේ නගා සිටුවන්න තිබුනානම්?
රතන හාමුදුරුවෝ තමන් වහන්සේත් දර දිය ඇදලා පත් කර ගත් මෙම දේශ ද්‍රෝහී ආණ්ඩුවට විරුද්ධව උපවාස කරනවා. සරත් විජේසූරිය හෙන ඉල්ලනවා. ජනතා විමුක්ති පෙරමුණ බොරුවට විශ්වාශ භංග ගේනවා. නමුත් ආණ්ඩුව වගේ වගක් නැතුව තමන්ගේ දුෂ්ඨ අරමුණු කරා, බදුර්දීනුත් බේරාගෙන, ඉදිරියට යනවා.
දේශපාලකයෝ බණ දේශනා කරති. ස්වාමීන් වහන්සේලා දේශපාලනය කරති. හනේ කාලේ වනේ වාසේ...
මම නොදන්න නිසා අහන්නේ. බුදුහාමුදුරුවෝ කොතැනද දන්නේ නෑ මෙහෙම කරන්න කියලා වදාරලා තියෙන්නේ?
"ග්ලයිපොසෙට්" -2. "බදුර්දීන් අසාත් සාලි සහ හිස් ඛුල්ලා" මේ පාර කවුද කතා පිටපත ලියලා දුන්නේ.?
ඔබ හිතනවද මෛත්‍රීපාල සිරිසේන සිංහල ජාතිය එක්ක හිටගනීවිද කියලා... නැත ඔහු නැවත බලයට ඒමේ අරමුණින් සුළු ජාතියේ ඡන්ද ලබාගැනීමේ නියාය පත්‍රයේ සිට කටයුතු කරමින් සිටි... සිංහලයිනි, දැන්වත් නුඹලාගේ ඔය මෝඩකම් අත්හැරපල්ලා. ජාතියට නායකයෙක් තෝරගනිල්ලා. පාට, පක්ෂ පසෙකලා එකාමෙන් හිටගනිල්ලා. එසේ නොවුනොත් සිංහල බෞද්ධ රාජ්‍යයේ අවසානය පටන්ගත්තයි කියලා හිතාගනිල්ලා...
නිවන් සැප ලැබේවා!!!
මුහුදු මහා විහාර මාවත නමින් මෙතෙක් කල් හැඳින් වූ මාර්ගය මේ වනවිට සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා මස්කිතුල් ෆ්ලාහර් පාර ලෙස නම් කර තිබෙන බව උන්වහන්සේ පැවසූහ. “මම බොහොම සංවේගයෙන් අද කතාකරන්නේ. අද නැගෙනහිර පළාතේ සිංහල ජනතාව මුස්ලිම් අරාබි පාලනයට යටවෙලා මහා පීඩාවක් විඳිනවා. මේවා කියන්න කෙනෙක් නැහැ. අහන්න බලන්න විසඳුමක් දෙන්න බලධාරියෙක් නැහැ. අපිට මේවා කියන්න තියෙන්නේ මාධ්‍යය විතරයි. නැගෙනහිර පළාතේ හිස්බුල්ලා අපිව විනාශ කරනවා. මේ පුරාවිද්‍යා භූමියේ පන්සලට අයිති ඉඩම් අක්කර 72න් මුස්ලිම් අන්තවාදීන් අක්කර 55ක් අල්ලා ගත්තා. රජය නිහඬයි. ඒවාට උසාවියේ නඩුවක් බාරගන්නේ නැහැ. සිංහලෙන් නඩු ගෙන්න එපා. දෙමළ භාෂාවෙන් අරන් එන්නලු. ඊයේ, පෙරේදා තවුහිද් ජමාද් කණ්ඩායම එක්ක සම්බන්ධකම් ඇති අය පොතුවිල් නගරයේ සියලු පටුමාර්ග වලට අරාබි හා මුස්ලිම් නම් වලින් නාම පුවරු සවි කර ඇත. පන්සලට එන පාරත් අරාබි නමකින් නම් කරලයි තියෙන්නේ. මේවා පිටුපස දේශපාලන හස්තයන් තියෙනවා.”
ඔයිට වැඩිය මහත් ඵල මහත් ආනිසංස ලැබෙනවා, බුදුවෙලා මිසක් උපවාසය අතහරින්නේ නැහැ කියා උපවාසය ආරම්භ කළානම් හාමුදුරුවනේ...
මෙයාටත් සෝභිතගේ පිහිටයි.
අර අශ්වයින්ව මෙල්ලකරන පුද්ගලයාට බුදුහාමුදුරුවෝ කිව්වද මෙල්ලකරන්න නොහැකි නම් උපවාස කරන්න කියලා? මේවා බොරු සෝභන...
අපේ හාමුදුරුවනේ, මෙතන ලියන පාදඩ සිංහලයින් ඔබවහසේගේ මේ ක්‍රියාවට විරුද්ධව කතා කරනවා මිස අර මුසල්මානුවන්ට විරුද්ධව වචනයක් කියන්නේ නැත.
බණ භාවනා අමාරු නිසා උපවාසේ හොඳයි...
ඔබවහන්සේ පසුගිය දිනවල කළ ශබ්දය අනුව නම් පෙනුනේ ලක්ෂ ගණනක් ජනතාව කොළඹට ගෙන්වා ජනාධිපති නිලනිවාස වටලන්න සූදානම් බවයි.. වැඩේ තියෙන්නේ දැන් අගමැතිගේ නිර්දේශ මත ජනාධිපතිතුමා ඇමතිවරු පත්කරන්නේ, ඉවත්කරන්නේ නැති බවයි. එ්නිසා මෙය ජනාධිපතිතුමා මගින්ම ඉටුකළ යුතු ක්‍රියා මාර්ගයක්...
මෙම උතුම් ක්‍රියාව අපහාසයට ලක් කරන සියල්ලන්ම වෙත... මම රතන හිමි අතීතයේ කළ සමහර ක්‍රියාවන් අනුමත නොකරන අතර. මෙම පීඩනය ආණ්ඩුවට කළ යුතුම එකකි. මුන් වහන්සේ මෙතන අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් බිම ඉඳගෙන සිටින්නේ අර අසරණ දරුවන් අහිමි කල මව්වරුන් වෙනුවෙනි. අපට අහිමි වේගෙන යන රට වෙනුවෙනි. ටිකක් සිහි බුද්ධිය අවධි කර සිතාබලන්න. ඔබට රට වෙනුවෙන් කැප කිරීමක් කළ යුතුව ඇත....
සිරි කියන ඒවා අහන්නේ නැද්ද අපේ හාමුදුරුවනේ? එක පෑන් පාරෙන් දෙන්නෙක්ම යවන්න පුළුවන් එයාට... හිටියේ එයා ගාව නේද? ඔක්තෝබර් හුටපටෙන් පස්සේ... දැන් අායෙත් පිම්මක්ද? සමාවෙන්න ඕනෑ එහෙම අහනවට, මොකද ඉතින් ඉතිහාසේ ක්‍රියාකරපු විදිය නිසා අායෙත් එහෙම්මනේ වෙන්නේ...
තව පැය කීපයකින් ඔය උපවාසය මිනිස්සුන්ට ඉල්ලීම නිසා අවසන් වෙනවා නියතයි.
නිකම්ම නොසිට මෙවන් දෙයක් හෝ කිරීමට ඉදිරිපත් වීම ගැන අපගේ ප්‍රණාමය. ඒත් හාමුදුරුවනේ බලකාමයෙන් අන්ධ වූ මේ පාලකයන් උපවාස ගණනකට ගන්නේ නෑ. ජරා දේශපාලනයෙන් අයින් වෙලා විද්වත් සහ අධ්‍යාත්මික නියමුවන්ගෙන් සමන්විත ජනතා බලවේගයක් ගොඩනගන්න.
ලෝක උරුමයක් වූ ඓතිහාසික දළදා මාලිගාවේ නැතිව ඕන ඉලව්වක ඕක කරන්න. පොලිසිය, වහාම මෙයාව අයින් කළයුතුයි.
සමහරුන් හිතන්නේ බුදුදහම හා සිංහල ජාතිය අනතුරු මගින් නැතිවෙලා යාවි කියලයි. ලොව පවතින කිසිම දෙයක් සදාතනික නොමැති බැවින් නැතිවී යාම පුදුමයක් නම් නොවෙයි.. නමුත් බුදුදහම හා එහි ශ්‍රාවකයන් කිසිවෙකුගේ අනතුරු මගින් නම් කිසිදාක අකාලයේ තුරන් කරලීමට නොහැක. එය එතරම්ම අවිහිංසා වාදය ගැබ්වී ඇති මාර්ගයක්. ඉතා අවධාරණයෙන් කිව යුත්තේ හිංසාව පෙරදැරි කරගෙන යම්දහමක් හෝ ජාතියක් නගා සිටුවන්න කටයුතු කිරීම නම් ඒ ජාතිය හා දහම ලොව පවතින අනිත්‍ය දහමට අසුවී නැතිවී යාමට පෙර අකාලයේ පරිහානියට යනවා..
අපිට මේ වෙලාවේ හාමුදුරුවන් ගත් මේ තීරණය ඉතාම හොඳදෙයක්... එයට අප සැම දෙනාගේම සහය හැකි අයුරින් ලබාදෙමු. අප රටේ අගනගරය වූ කොළඹ හා අනෙකුත් ප්‍රධාන නගර මූලික කරගෙන මේ ගෙනයන මුස්ලිම් අන්තවාදී දාමරික ප්‍රචණ්ඩ අමන කොටස්වලට කිරිපොවන මූලධර්මවාදය වපුරවන මේ දේශපාලන අධිකාරිබලය මත රැඳීසිටිමින් බස්නාහිර පළාත් අාණ්ඩුකාර අාසාත් සාලි හා නැගෙනහිර පළාත් අාණ්ඩුකාර ඉස්බුල්ලා අැතුලු මෙයට සම්බන්ධ නිසොල්මන් අන්ත මූල ධර්මවාදි මුස්ලිම් ජාතිවාදි දාමරිකයින් හා ඔවුන් වටා ඉන්නා සියලුම මැරපිරිස් අන්තවාදීන් දරන රාජ්‍ය තනතුරු වහා ඉවත්කළ යුතුයි. කොළඹ අගනගරය මූලික ප්‍රධාන මුස්ලිම් අාර්ථික බලකොටුවලට මහා ශක්තියක් ලබාදෙන අසාත්සාලි බස්නාහිර අාණ්ඩුකාරතුමා මුජිබර් රහුමාන් එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රීතුමා, රිෂාද් බදියුදීන් වෙළඳ අාර්ථික කටයුතු අැමැතිතුමා අැතුලු මුස්ලිම් ජාතිවාදි අන්ත මූලධර්මවාදින් ඔවුන්ගේ දේශපාලන බල පුළුවන් කාරයින්ගේ කෙරුම් ක්‍රියාකාරකම් නවතාලීමට ගත් මුල්ම ඉල්ලීම උත්සාහයට උන්වහන්සේ දැන් සෘජුව පෙරමුණ ගෙන ක්‍රියාවට යොදවා අැත. අපි මෙයට අපේ නොමසුරු අවංක සහයෝගය දිය යුතුය.
දැන් මේ කාටත් අමතක වෙලා. එදා කොටි මාවිල්ආරු සොරොව්ව වහපු වෙලාවේ, අහිංසක ජනතාව වතුර ටික නැතිව දුක් වින්ද වෙලාවේ, ආණ්ඩුව ඒක අරින්නේ නැතිනම් මම අරින්නම් කියලා මුන්වහන්සේ මාවිල්ආරු යන්න හදන කොට තමයි අපේ හමුදාව කොටින්ට හතරගාතෙන් යන්න පහරදීලා ජයග්‍රාහී අවසන් ඊලාම් යුද්ධය පටන් ගත්තේ...
මම නම් හාමුදුරුවෝ වතුර බොන වීඩියෝ ක්ලිප් එකක් දැක්කා ට්විටර් එකේ, මම හිතුව උපවාසය අත්හැරිය කියලා.