
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාතබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරු රියාජ් බදුර්දීන් මහතා දැඩි කොන්දේසි යටතේ එම රැදවුම් බාරයෙන් මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 15) නියෝග කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් යන මහත්වරු ගොනු කල පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග ලබා දෙන ලදී..
ඒ අනුව ඔහු නිවස පිහිටා ඇති කොළඹ නගර සීමාවේ රැඳිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
තවද ඔහු කොළඹ නගර සීමාවෙන් පිටත යන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාගේ අවසරය ගත යුතු බවටද , සෑම මසකම පළමු වන සහ තුන් වන සතියේ ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට නියම කෙරිණ.
විදේශ ගත වන්නේ නම් ඊට අධිකරණයේ අවසරය ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණ.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන වසරේ මැයි මස 10 වැනිදා ඇරඹීමට නියම කෙරිණ.
විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී
COMMENTS
නීතිය හා සාමය ඇමති සරත් වීරසේකර සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මේ පුද්ගලයා සම්බන්ධව කට උල්කරගෙන කියපු කතා මතක් වෙනවා...
අවසර ඇතුව හෝ රටින් පිටවෙන්න දෙන්න එපා. ගියොත් නැවත රටට එන්න දෙන්නත් එපා. ජනගහනය වැඩිවීමවත් අඩුවෙයිනේ...
ඊළඟ ඡන්දෙ එනකම් පොඩි විවේකයක්...
ළඟදීම පාර්ලිමේන්තුවේ 2/3 හදාගන්න අවශ්‍යතාවක් ඇති. මේ රටේ බහුතරයක් ගොන්නු නිසා කමක් නෑ.