IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


බද්යුදීන්ගේ සොහොයුරා නිදහස් කළාට මන්ත්‍රීවරු 100කගේ විරෝධය



(හර්ෂණ තුෂාර සිල්වා සහ නාලක සංජීව දහනායක)


පාස්කු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට යොමුකර ඇත.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම විසින් ඔක්තෝබර් මස 9 වැනිදා දාතම යටතේ ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකරනු ලැබ තිබේ. ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට අරලිය ගහ මන්දිරයේදී අදාළ ලිපිය අද (9) බාරදී ඇත.

ඉකුත් වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ලවූ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා මේ වසරේ අප්‍රේල් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ පිරිසට අනුබල දී ඇති බවට සාක්ෂි ලැබී තිබියදීත් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කර ඇතැයි ද අදාළ ලිපියේ දැක්වේ.

රියාජ් බද්යුදීන් මහතා නිදහස් කර ඇත්තේ කිසිදු නීතිමය අවසරයකින් තොරව යැයි ද අදාළ ලිපියේ සඳහන් වේ.

එබැවින් ඔහු නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.



අදහස් (35)

බද්යුදීන්ගේ සොහොයුරා නිදහස් කළාට මන්ත්‍රීවරු 100කගේ විරෝධය

Prabha Friday, 09 October 2020 06:09 PM

හිතේ හයිය තියෙන 100ක් හිටිය එකත් ලොකු දෙයක්..

:       61       31

සංජීව Friday, 09 October 2020 06:58 PM

මේ වෙන දේවල් දකිනකොට හිනාවෙනවා නෙමෙයි හිනායනවා.

:       0       35

Perera Friday, 09 October 2020 07:47 PM

100ක් විරුද්ධ වුණාට රියාජ් බදියුදීන් මැතිතුමාව නිදහස් කිරීම ගැන 69 ලක්ෂයක් ජනතාව සම්පූර්ණයෙන් අනුමත කරනවා.

:       13       42

De Friday, 09 October 2020 09:18 PM

තවත් ජවනිකාවක්... අනේ විහිළු ඇති මෙයා...

:       3       35

sampath Friday, 09 October 2020 10:50 PM

මන්ත්‍රීවරුන් විතරක් නෙමෙයි ඡන්දෙ දීලා ආණ්ඩුව පත්කරන්න මූලික වෙච්චි අපිත් විරුද්ධයි... කැත විදිහට හැංගි හොරා ගහපු මේ ගේමට..​. උසාවියකට දාන්නේ නැතුව කොහොමද නිදහස් කරා කියන්නේ...?

:       1       32

krishntha wanniarachchi Saturday, 10 October 2020 12:11 AM

මේ මොන බොරුවක්ද? මේ කඩේ යන්නේ 69 ලක්ෂය වෙනුවෙන්ද? තමුන් වෙනුවෙන්ද? නැහැ.. තනිකරම තමන්ගේ පැවැත්ම වෙනුවෙනි. 69 ලක්ෂය වෙනුවෙන් නම් විරුද්ධ වෙන්න තිබුණේනිදහස් කළ දිනමයි. මේ පරක්කු වෙලා විරුද්ධ වෙන්නේ කොරෝනා ඇතුළු ප්‍රශ්න ටික යටගහගන්නයි. නැතිව පාස්කු ප්‍රහාරය ගැනවත්, මැරිච්ච අය ගැනවත් වෙනුවෙන් නෙමෙයි. හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් තියෙනවද? මේක මේ නාඩගමේම තවත් එකකි.

:       3       39

rocky Saturday, 10 October 2020 12:17 AM

මිනිහා මෙලහකට රටිනුත් පිටවෙලා ගිහින් ඇති..!!! 

:       1       26

සමීර Saturday, 10 October 2020 01:57 AM

සතුට නම් 'සර්' විසින්ම මේ අමන රැළගේ රෙදි ගලවා දැමීමයි. ආපහු මිනිස්සු ඉස්සරහට යන්න නම් ඔවුන් කළ බොරුව දිගටම කරගෙන යාමට බදියුර්දීන්ලා හිරගෙවල්වල දැමිය යුතුයි.

:       3       40

සෑම් Saturday, 10 October 2020 02:22 AM

ඒ කියන්නේ දැන් ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ 2/3 තියනවා. ජයවේවා..!!!

:       3       37

pradeepa Saturday, 10 October 2020 03:17 AM

ඔය සංදර්ශන 69 ලක්ෂය විතරක් පෙන්වන්න. නිකන් බොරුවට නිදහස් කරන්න කළින් ජනාධිපතිගෙන් අහලා තමයි නිදහස් කරන්නේ නිකන් අසරණ පොලිස් නිලධාරීන් මාරු කරනවා.. බබාලා වගේ... අපි හරක්නේ..

:       5       59

Bamunuarachchi Saturday, 10 October 2020 03:36 AM

හරියට හරි... හම්බ විරෝධය නැගී ගෙන එනවා.

:       83       15

ranaSaturday, 10 October 2020 09:32 AM

එහෙනම් අලි සබ්‍රිත් අයින් කරයි නේද? එතකොට බ්‍රැන්ඩික්ස් ලොක්කා?

:       2       33

BamunuarachchiSaturday, 10 October 2020 04:04 PM

වරද්ද ගන්න එපා.. අපේ විරෝධය තියෙන්නේ ඔහුගේ ආගම හා ඒ ආගමේ තිබෙන සමාජ විරෝධී අදහස් ක්‍රියාවට නගාඇති අය සමග බව. මුස්ලිම් මිනිසුන් දෙවියන් විශ්වාස නොකරන අන්‍යාගමිකයින් මරාදමන්න ඕනේ නැතිනම්.. ජිහාඩ් ක්‍රියාත්මක කරන්න කීම සහ මුළු ලෝකයම මුස්ලිම් කළ යුතුයි කියන්නේ ඔවුන්ගේ ආගමයි. අලි සබ්‍රිත් ඒ අදහස් දරනවා නම් එයාටත් අපි ඒ හැන්දෙන්ම බෙදනවා.

:       0       0

BamunuarachchiSaturday, 10 October 2020 04:06 PM

දැන් සිංහල ජනතාව අතර මේ හැඟීම් ඇතිවේගෙන යනවා. ඒක සතුටට කරුණක්. කුලියට ගෙයක් දීම පවා සිංහල මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා.

:       0       0

Naushi Sunday, 11 October 2020 05:46 AM

බමුණු, දවල් හීන දැකලා නින්දෙන් අවදි වෙලා බෙරිහන් දෙනවා.

:       0       0

BamunuarachchiFriday, 16 October 2020 01:41 PM

ඔව් මම අවුරුදු 25ක් සෞදි අරාබියේ නිදියන් ඉඳලා ඇහැරුණේ... මම තරම් සිහින ඔයගොල්ලෝ දැකලා නැහැ. මම ඔයගොල්ලන්ගේ ආගම ගැන හොඳ හොඳ සිහින දැක්කා.

:       0       0

janaka Saturday, 10 October 2020 04:35 AM

මෙය ඉතාමත්ම හොඳ යහපත් පියවරක්... සමාජයේ ප්‍රගමනය උදෙසා මෙවැනි පියවර ගැනීම අගයකළ යුතුයි. එසේම මොහු නිදහස් කිරීමට නියෝගය නිකුත් කළ නිලධාරියා හෝ දේශපාලකයාව මේ දක්වා සමාජයට හෙලිනොකර සිටීමද පුදුම සහගතයි. මේ රටේ මහලොකුවට තිබෙන මාධ්‍ය ජාලයට හෙන ගැහිලාද? මේක හෙලි නොකරන්නේ... මේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන්න මාධ්‍ය ආයතන සම්බන්ධද?

:       6       21

SamanSaturday, 10 October 2020 05:45 AM

ආපහු ඇතුළට දාන්න කියලා තියෙන්නෙත් එළියට දාපු කෙනාටම තමයි... මෝඩයින්ට නොතේරුණාට...

:       1       25

BamunuarachchiFriday, 16 October 2020 01:48 PM

ඔබ මේ මොනවද කියන්නේ? එළියට ගන්නෙයි, අැතුළට දාන්නෙයි එක්කෙනෙක්ම තමයි.

:       0       0

senaSaturday, 10 October 2020 06:00 AM

ඔහේ ඇති සමාජ ප්‍රගමණයක් නැහැ. අනුමාන වශයෙන් හිතාගන්න පුළුවන් වෙන්නේ... 20ට 2/3 හදාගන්න ගහපු ගැටේට විරුද්ධ වීමක් විතරයි.

:       1       14

liyanageSaturday, 10 October 2020 07:14 AM

මෙය තවත් දේශපාලන නාටකයක්ම තමයි.

:       2       20

eresh S kumara Saturday, 10 October 2020 04:59 AM

අපිත් විරුද්ධයි...

:       3       16

sena Saturday, 10 October 2020 05:07 AM

මට නම් පේන්නේ මේක බල අරගලයේම කොටසක්..

:       2       9

anula Saturday, 10 October 2020 05:23 AM

රිෂාඩ් විතරක් නොවේ. පාස්කු ප්‍රහාරයට විපක්ෂයේත් ගොඩක් මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අයත් අත්අඩංගුවට ගත යුතුයි.

:       10       11

Buddika Saturday, 10 October 2020 05:51 AM

දේශපාලන ඩීල් නිසා තුට්ටු දෙකේ කාලකණ්ණි දේශපාලන අරමුණු වෙනුවෙන් මේ සියල්ල කරන්නේ රජයේ ඉහළම අනුදැනුම ඇතිවයි. එහෙම කරලා උන්ගේම මන්ත්‍රීලා ලවා විරෝධය දක්වන්නේ ජනතාව අන්දවන්න. ඔය කියන එක මන්ත්‍රීවරයෙකුට කොන්දක් තිබ්බද මැදමූලන හොරාකෑම්වලට.., පරපුරක් එකතුවෙලා හොරකම්, වංචාවලට විරුද්ධව එක කටක් අරින්න.

:       3       34

Ano Saturday, 10 October 2020 08:29 AM

මේවා තනිකරම සංදර්ශන... මිනිස්සු ගොනාට අන්දන්න කරන දේවල්.. මොකද 100ක්... 224ටම පුළුවන්නේ විරෝධය පෙන්නන්න..

:       3       19

siri Saturday, 10 October 2020 09:43 AM

බොරු ෂෝ කියන්නේ මේවාට තමයි. ඔන්න දැකලා නැතිනම් බලාගන්න.

:       2       18

BamunuarachchiSaturday, 10 October 2020 04:11 PM

ෂෝ එක තේරේවි තව අවුරුදු 50ක් ගිහිල්ලා ඔවුන්ගේ ජනතාව 25%ක් වුණාම.. එතකොට ශරියා නීතිය ඇවිත් පන්සල් ඉස්සරහම හරක් මස්කඩ තියේවි. 2015දී ජනතාව 10%ක් වුණාම බලප්‍රදේශ හා ශරියා නීතිය ඉල්ලලා පිළිම කඩලා බෝම්බ ගැසුවා. 2050 වෙනකොට කොහොම හිටීද කියලා මේ මොලවලට තේරෙන්නේ නැද්ද?

:       0       0

බද්රානි Saturday, 10 October 2020 09:49 AM

බහුතරයක් ජීවත් වෙන රටක මේ වගේ විගඩම් නරඹා රසවිඳිනවා විනා, වෙන ඉතින් මොනවා කරන්නද? මොඩයින්ගේ චූන් එක වැඩි වෙලා මේ පොල් ගණන් කාලේ කිරිබතුත් උයලා දන්සල් දෙයිද කියලයි මට තියන බය..

:       3       23

සෙනවි Saturday, 10 October 2020 02:18 PM

මෙ තවත් ප්‍රෝඩාවකි. සීයක් අත්සන් කරලත් ජනාධිපති එයට එකඟ වුනේ නැහැයි කියලා පෙන්වලා කියන්න හදන්නේ ජනපති නීතියට ඇඟිලි නොගහන බව පෙන්වන්න.

:       0       0

ranjith Saturday, 10 October 2020 11:53 PM

හැමදාම ඡන්දෙ දීලා වෙනසක් බලාපොරොත්තු වුණාට වෙනස දකින්න නැති එක කණගාටුවක්..

:       0       0

සෙනෙවිරත්න Sunday, 11 October 2020 03:11 AM

ලිපියට ප්‍රතිචාර කෙහොමද ලැබෙයිද? 20 සම්මත උනොත් ලිපියක් නෙවෙයි කිට්ටුවටවත් ගියොත් පුදුමයි

:       0       0

Rata Perata Sunday, 11 October 2020 07:18 AM

රට චීන කොලනියක් කරලා තමයි මේ අය නවතින්නේ.

:       0       0

BamunuarachchiFriday, 16 October 2020 01:45 PM

මුස්ලිම් කොලනියක් වෙනවාට වඩා හොඳ නැද්ද? රට චීන කොලනියක් කරන්න පටන් ගත්තේ හමබන්තොට විකුණලා. ඒ කාලේ නිදිනේද?

:       0       0

Do sir Sunday, 11 October 2020 08:04 AM

ඔය නාටක හොඳයි 69 ලක්ෂෙ අයට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත


උතුරු දුම්රිය මගේ අඩුපාඩු අහන්න ප්‍රවාහනයේ ලොක්කෝ උසාවි කඳවයි
2025 ජනවාරි මස 21 170 0

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, නිසි ප්‍රම


මන්ත්‍රිට ඇමැති “සොරි” කියයි
2025 ජනවාරි මස 21 900 1

මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය


අර්චුනා තවත් ලෙඩක් දාගනියි
2025 ජනවාරි මස 21 1573 10

යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා යාපනය සිට පාර්ලිමේන්තුව දක්වා අද (21) උදෑසන ගමන් කරමින් සිටියදී අනුරාධපුර රඹෑව ප්‍රදේශ


කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි
2025 ජනවාරි මස 21 182 0

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතකට අ‍ාසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 108යි ග්‍රෑම් 460 සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු


ඒ - 9 මඟේ ලොරි අනතුරකින් තුනක් රෝහලේ
2025 ජනවාරි මස 21 328 0

යාපනය,නුවර ඒ නවය මාර්ගයේ මැදවච්චිය, ගල්කන්දේගම විද්‍යාලය ඉදිරිපිට දී අද (21) අලුයම ලොරි රථයක් තවත් ලොරි රථ තුනක ගැටී ‍ සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 407 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 617 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 336 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site