(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධරණය ඉටුකිරිමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
මේ වන විට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති අතර බෙදුම්වාදයට හිස එසවිමට කිසිදු ඉඩක් නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.
“ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (15) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.
විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ තනතුරු දැරීම කිසිසේත් මිලිටරිකරණයක් නොවන අතර විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියකු වසර ගණනාවක තම දැනුම සහ අත්දැකීම් භාවිත කර රටට සහ ජනතාවට සේවය කිරීම වරදක්දැයි නොවන බව ද ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු හෝ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, රාජ්‍ය බුද්ධි අංශය සහ සෙසු බුද්ධි අංශ අද එකම ශක්තිමත් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
COMMENTS
ස්තුතියි... අපි සියලු දෙනාම අගය කරනවා... !
හොඳ අදහසක්... නමුත් බෙදුම්වාදය පෝෂණය කරන්නේ එකරටක්... එක නීතියක් සංවිධානයේ ලොක්කා වැනි සර්ගේ ගෝලයෝ සෙට් එකයි.
ස්තුතියි.. ඇත්තටම පාස්කු බෝම්බේ ගැහැව්වේ කවුද කියලත් අපිට කිව්වානම් හොඳයි.. මොකද අපිට එහෙන් මෙහෙන් කසු කුසු ඇහෙනවා..
ආයෙමත් පටං ගත්තා නාඩගම. පාස්කු ප්‍රහාරය වෙලා වසර තුනකට ආසන්නයි. තවමත් නඩු කියනවා. ජනතාව නොමග යවන තවත් විකාර කතා.
මොනවට කියනවද?
ඒ වචනය විශ්වාසයි.
බෙදුම් වාදයට පමණක් නොව ආගම්වාදයටත් හිස ඔසවන්න දෙන්න එපා.
කතාව ඇත්ත. මොකද දැන්නම් මිනිස්සුන්ට ඕවා කරන්න නම් හම්බවෙන්නේ නැහැ මේ ආණ්ඩුව තියෙනකම්... පාන් ගෙඩියේ පටන් එළවළු ඇතුළු සෑම, සියලුදේම ගිනි ගණන්. බෝම්බ වෙනුවට ගෙවල් ඇතුලේ ගෑස් පිපිරීම්. කෑම අහේනියා නිසා ඇඟපතට හරිහමන් හයියක් නැති එකේ මිනිසුන් බෙදුම්වාදී වැඩවලට යන්නේ නැහැ.
අනේ මෙතුමාගේ බෙදුම්වාදය... සර්ට කුස්සියේ ආරක්ෂාව තරකරන්න බැරිව ඉන්න මොහොතක නිකන් විහිළු කරන්න එපා.
මෙයා ඉස්සර හොඳ රණවිරුවෙක්
ඡන්දයක් ළඟක නැහැනේ
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගැනීමට අපට උදවු කරන්න!
මේ වචන අමතක කරන්න දෙන්නම එපා. ඔය වචන කීපය නැත්නම් තමුන්නැහැලාගෙ හාම්පුතාලට යනඑනමං නැහැ. මම කල්පනා කලේ සරත් ෆොන්සේකා නැත්නම් ප්‍රභාකරන්ගෙ රටට වත් පැනගන්න තිබුන. දැන් අපි කොහේ යන්නද?
අර බදුර්දීන් නාටකයෙන් ඒක දැක්කා....