( සමන් පාලිත නානායක්කාර )
කොස්ලන්ද අක්කරසිය ප්‍රදේශයේ දී අද (23) බදින තුවක්කුවක් පත්තු වී තිස් හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොස්ලන්ද, වෙලන්විට, අක්කරසිය පදිංචිව සිටි උඩවෙල බාලගේ ඉන්දික සම්පත් නමැති තිස් හැවිරිදි පුද්ගලයෙකි.
නිවස ආසන්නයේ කැලෑ රොදක තිබී හමුවූ මළ සිරුර සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී බඳින තුවක්කුවකින් වෙඩි වැදී ඇති බවට පොලිසිය විමර්ශනවලදී හඳුනාගෙන තිබේ.
නිවසට ජලය ගෙන ඒමට ඇළට යන අවස්ථාවේ පුතා බිම වැටී සිටිනු දැක මව පොලීසියට දන්වා ඇත.
බදින තුවක්කුවක් ඇටවූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැත. කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති රත්නසිරි බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd