IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බෞද්ධ කළමනාකරණයෙන් ලාභ උපයන්න


හර්ෂණ තුෂාර සිල්වා
 
බෞද්ධ ඉගැන්වීම්වල තිබෙන ‘බෞද්ධ කළමනාකරණය’ අනුගමනය කරන ලොව පුරා සමාගම් පිරිසිදු වාර්තාවක් තබා ගන්නා අතරවාරයේ දී ලාභ ඉපැයීමට ද සමත්ව ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද (16) පැවැසීය.
 
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘බෞද්ධ ව්‍යාපාර සමුළුවේ’ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් කරු ජයසූරිය මහතා ඒ බව සඳහන් කළේය. 
 
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ජාතික කවුන්සිලය දෙවැනි වරටත් සංවිධානය කළ මෙම සමුළුවේ තේමාව ‘ව්‍යාපාර සඳහා බෞද්ධ ඉගැන්වීම්’ යනුවෙන් නම් කර තිබිණි. 
 
සමුළුවේ ආරම්භක සැසිය ඇමතූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීය. 
 
“ගෞතම බුදුන් වහන්සේ ලෝකයට ඵලදායී කළමනාකරණය හඳුන්වා දුන්නා. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය, බුදුන් වහන්සේගේ එම ඉගැන්වීම් ජීවන දර්ශනයක්. බෞද්ධ දර්ශනය සාර්ථක වෘත්තීය ජීවිතයකට මෙන්ම සාර්ථක පෞද්ගලික ජීවිතයකට ද මඟ පෙන්වා දී තිබෙනවා.
 
බෞද්ධ දර්ශනය ගැටුම් නිරාකරණය ලෝකයට කියාදුන් අපූර්ව දහමක්. බුදුදහම යනු සාමය සහ සමගිය මෙන්ම සහෝදරත්වය කියාදෙන දර්ශනයක්. බුදු දහම භෞතිකවාදී නොවන ජීවිතයක් ගෙවීමට මඟ පෙන්වුවද ව්‍යාපාර කිරීමේදී සාර්ථකව ලාභ උපයන අයුරු කියා දී තිබෙනවා. 
 
අද වනවිට ලොව පුරා ප්‍රමුඛතම ව්‍යාපාර සහ සමාගම් බෞද්ධ ඉගැන්වීම්වල තිබෙන කළමනාකරණ ක්‍රමවේද භාවිත කරනවා. මනස සන්සුන් කර ගැනීමට, අවධානය එක් ඉලක්කයක තබා ගැනීමට, සේවකයන් දිරි ගැන්වීමට බෞද්ධ ඉගැන්වීම්වල තිබෙන භාවනාව යොදාගන්නා. ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, විධායක නිලධාරීන් භාවනාවේ යෙදෙනවා. ඔවුන් ඒ තුළින් සාර්ථකත්වය ළඟා කරගෙන තිබෙනවා.
 
මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රකාශයට පත් කරන ලද තිරසර සංවර්ධන ඉලක්ක බුදුන් වහන්සේ මීට වසර සිය ගණනකට පෙර ලෝකයට කියා දුන්නා. බුදු දහම සමාජ ආරක්ෂාව, සාමය, සහයෝගීත්වය, එකිනෙකාට උදවු උපකාර කර ගැනීම සහ සහෝදරත්වය පමණක් නොව ව්‍යාපාර සාර්ථක කරගැනීමට සාර්ථක පවුල් දිවියකට, සාර්ථක වෘත්තීය ජීවිතයකට මෙන්ම සාර්ථක පෞද්ගලික ජීවිතයකට මඟ පෙන්වා දී තිබෙනවා” යැයි කරු ජයසූරිය මහතා කීය.
 
ව්‍යාපාරිකයන්, නවෝත්පාදකයන්, ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
 
 
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (1)

බෞද්ධ කළමනාකරණයෙන් ලාභ උපයන්න

shantha Tuesday, 16 October 2018 04:49 PM

ඔහේ මෙහෙ බණ කියනවා. අරහේ රුපියල කඩා වැටිලා රට හොම්බෙන් ගිහින්, කට්ටිය අල, බතල, අල, කියා කියා හීනෙන් දොඩවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site