ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන්, එසේත් නැතිනම් නත්තල සැමරීම සඳහා ලොව නන්දෙසින් සංචාරකයෝ බෙත්ලෙහෙමට පැමිණ සිටිති.
බෙත්ලෙහෙම යනු ජේසුස් වහන්සේ උපත ලැබූ බව කියන නගරයයි.
පලස්තීනයේ බෙත්ලෙහෙමේ පිහිටි ‘මේන්ජර් චත්‍රරශ්‍රය’ පිහිටි පෙදෙසේ මීටර 16ක් (අඩි 52ක) උසැති නත්තල් ගසක් ද ඉදිකර ඇත.
බෙත්ලෙහෙම පලස්තීනයට අයත් නරගයක් වුවත් එය ඊශ්‍රායල ග්‍රහණයට නතුව තිබෙන අතර බටහිර ඉවුරේ පිහිටි මෙම නගරයට වසර ගණනාවකට පසු කාර්යබහුල නත්තලක් උදා වී තිබේ. හෝටල් කාමර සියල්ලම පාහේ සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇති අතර ආරක්ෂක තත්ත්වය ද සන්සුන් ස්වභාවයක් ගෙන ඇත.
ජේසුස් වහන්සේ ඉපැදුණු බව කියන ස්ථානයේ ඉදි කර ඇති පල්ලියේ දේව මෙහෙයන් සිදුවන බොහෝ පිරිසක් ඊට සම්බන්ධව සිටිති.
“මේ ස්ථානය හරි අපූරුයි. මම සැබෑ නත්තල සමරනවා වගේ දැනෙනවා” යැයි මැලේසියාවෙන් පැමිණි බැතිමතකු වූ ජෝශප් අහ්ලාන් කීය.
“ජේසුස් වහන්සේගේ උපත සැමරීමට බොහෝ පිරිසක් මෙහි පැමිණ තිබෙනවා. එයින් ජනතාවට මෙහි පැමිණෙන් කොතරම් උනන්දු වනවාද කියා පෙනෙනවා. ඔවුන්ගේ තිබෙන කැමැත්ත ආසාව එයින් පෙනෙනවා” යැයි බල්ගේරියාවෙන් පැමිණි සංචාරයකු වූ මාරියා මෝවා කීවාය.
‘මේන්ජර් චත්‍රරශ්‍රය’ අවට කැරොල් ගායනා, ගීතිකා, දේව මෙහෙයන් පැවැත්වෙන අතර ලොව නන්දෙසින් පැමිණි බොහෝ පිරිසක් ඊට සම්බන්ධ වී සිටිති.
(රොයිටර් ඇසුරෙනි)
055
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙත්ලෙහෙම කිතුනු බැතිමතුන්ගෙන් පිරෙයි