(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල නිරෝධායනයට ලක් කළ 59 දෙනෙකුට නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බවට සහතික ලබාදී අද (2) දින සමාජ ගතකළ බව බණ්ඩාරවෙල නගර සභාවේ ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් පී. දිසානායක නායක මහතා පැවසීය.
මීට සති දෙකකට පෙර කොරෝනා රෝගියකු හමුවීම හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන හෝටලයක් තුළ 17 දෙනකු ද ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් 40 දෙදෙනකු බණ්ඩාරවෙල සිය නිවෙස්වල මද නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර තිබුණි .
බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් එක්ව මොවුන්ගේ නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd