තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (22) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී බීඩි කොළ කිලෝග්‍රෑම් 1547.68 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩි කොළ ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවවට සැක කරන බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28, 30 සහ 35 වන වියෙහි පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
එම බීඩි කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.
තවද, පසුගිය දින කිහිපයක සිට නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශයෙන් කරනු ලැබූ සොදිසි කිරීම් වලින් මේවන විට බීඩී කොළ කිලෝ ග්‍රෑම් 2787.3 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති අතර තවදුරටත් නාවික හමුදාව සොදිසි මෙහෙයුම් සිදුකරමින් සිටී.
(36698)






(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
194
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බීඩි කොළ ගෝනි 41 සමඟ තිදෙනෙකු අත්අඩංගුවට