(රංජන් කස්තුරි)
රජය බඩඉරිඟු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
ඒ අනුව බඩඉරිඟු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 55 ක් ලෙස මිල නියම කර ඇත.
කිසිදු නිෂ්පාදකයකු ආනයනකරුවකු,බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු එම මිලට වැඩියෙන් බඩඉරිඟු අලෙවි නොකළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.