
(යොහාන් භාසුර)
නිල්වලා ගඟ ඔස්සේ බෝට්ටුවකින් පැමිණ මාතර බන්ධනාගරයේ තාප්පයට ඉහලින් විසිකළ පාර්සලයක තිබී ජංගම දුරකතනයක්, ජංගම දුරකතන ආරෝපනයක්, ඩේටා කේබලයක් සහ දුම්කොල අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන සහ පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
උපක්‍රමශිලි ලෙස සකස් කරන ලද එම පාර්සලය නිල්වලා ගඟෙන් බෝට්ටුවකින් පැමිණ බන්ධනාගාරයට යාබදව ඇති හෝටල් පරිශ්‍රයේ සිට බන්ධනාගාරය තුලට විසිකර ඇති බවත් එය පරීක්ෂා කිරීමේදී මෙම තහනම් ද්‍රව්‍ය සොයා ගත් බවත් ඒකනායක මහතා කීය.
මෙම පාර්සලය මාතර බන්ධනාගාර අධිකාරිවරයාට ඉදිරිපත් කිරිමෙන් පසුව එම තහනම් ද්‍රව්‍යයන් බන්ධනගාර මුලස්ථානය වෙත භාර දිමට කටයුතු කළ බවත් සිදුවිම සම්බන්ධයෙන් මුලික විමර්ශණයක් සිදු කිරිමට කටයුතු කර බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් වාර්තා කරන බවත් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හැමදාම ඔහොම කියකියා ඉන්නෙ. තාප්පවලට ඉහලින් තවත් අඩි දහයක් දොලහක් උසට දැලක් ගහන්න බැරිද .එතරම් උසකට පාර්සල් විසිකරන්න කාටවත් බැහැ ඒ අතර සීසීටීවී සවිකර පරීක්ෂාවෙන් ඉන්න බැරිද එතකොට බඩුත් එක්කම හොරුත් අල්ලන්න පුළුවන් .නමුත් ඇමතියෝම මත්ද්‍රව්‍ය ජාවාරමුන් බේරගන්න දගලද්දී මේවා කවුරු වලක්වාද