හර්ෂණ තුෂාර සිල්වා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්ෂිකව වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියකින් තොරව පිළිගෙන ඊට ප්‍රතිචාර දක්වා තිබූ බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කොළඹ දී අද (25) පැවැසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් නොකර තනි තීරණ ගනිමින් එසේ කළේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු බව ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කීවේය.
බත්තරමුල්ල පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා එම කරුණු සඳහන් කළේය.
මහ කොමසාරිස්වරියාගේ වාර්ෂිකව වාර්තාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකාවට එවා තිබූ බවත් එම වාර්තාව පිළිගෙන සම අනුග්‍රහය දැක්වීම සඳහා එකඟත්වය පළ කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබූ බවත් ආණ්ඩුකාරවරයා කීවේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ තනි පුද්ගලයකුගේ වුවමනාවකට ඒ සියල්ල සිදුවී තිබූ බවත් හෙතෙම කීය.
අදාළ වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි කරුණු සහ අඩුපාඩු රැසක් තිබූ බව කී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ජීනිවා නුවරදී එම අඩුපාඩු සහ වැරැදි මහ කොමසාරිස්වරියට පෙන්වා දීමට හැකි වු බව ද පැවැසුවේය.
පිළිගත නොහැකි මූලාශ්‍ර රැසක් පදනම් කරගනිමින් මහ කොමසාරිස්වරියගේ නිල වාර්තාව සකසා තිබූ බවත් ඒ බව ද එහි දි පෙන්වා දුන් බව ආචාර්ය සුරේන් රාඝවන් මහතා කීවේය. මහ කොමසාරිස්වරිය ඒ බව පිළිගත් බව ද හෙතෙම කීය.
පසුගිය වසර හතරක කාලයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විනය විරෝධී හෝ නීති විරෝධී හෝ මානව හිමිකම්වලට විරුද්ධ ක්‍රියා කිසිවක් කර නැති බව ජීනිවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයට පෙන්වා දුන් බවත් ඒ බව මෙරට සිටින තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යවන විස්තරවලින් ද තහවුරු වූ බවත් ඔහු කීය.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකි වූ බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් කීවේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

2025 දෙසැම්බර් මස 18
520
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
266
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැචලගේ වාර්තාවට ජනපති අනුමැතියෙන් තොරව ප්‍රතිචාර
Rasika Tuesday, 26 March 2019 03:19 AM
ඉතිං අගමැති කාර්යාලයෙන් යවපු විදේශ ඇමැති ජිනීවා සමුළුවේදී කිව්වේ ඔය ටිකම තමා.