(ඩයනා උදයංගනී)
නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පැවති ‘පේතායි’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් එහි බලපෑම හෙටින් (17) පසු ක‍්‍රමයෙන් අඩු වී යනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
කෙසේ වුවත් හෙට (17) දිනයේත් මඩකලපුව සිට ත‍්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදී සිටීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබේ.
එම මුහුදු ප‍්‍රදේශවල මෙන්ම උතුරු, ඊසාන සහ නැගෙනහිර මුහුදු ප‍්‍රදේශවලත් තද සුළං සහ වැසි ඇතිවන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
මෙම මුහුදු ප‍්‍රදේශවල පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි අතර ඇතැම් අවස්ථාවල එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 90 පමණ දක්වා ඉහළ යා හැකි බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
දිවයින පුරා වැසි රහිත, තරමක ශීත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි ද එම ප‍්‍රකාශකයා කීවේය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට
chanak los angeles Sunday, 16 December 2018 11:07 PM
හරියට හොරුටික එළියට විසිවෙලා ඉවතට යනකොටම එ්කත් ඉවත් වෙලා ගිය එකනේ පුදුමේ...