
(ඩයනා උදයංගනී)
නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනගිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි බලපෑමෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර නැගෙනහිර, උතුරුමැද හා ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර දිස්‍ත්‍රික්කවලත් මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.
උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත්, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවන අතර කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
ඇත්තටම වහීද?