IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බංගලාදේශ ජාතිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත් වෙයි

(ටී.කේ.ජී.කපිල )

ඕස්ට්‍රේලියාවේ සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු ,  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය වෙත යැවීම සදහා අද (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන එම විශේෂ ගුවන් යානය අද රාත්‍රී 8.05 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට බංග්ලාදේශයේ ඩකා නුවර වෙත ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයක් නොමැති බැවින් මෙසේ එම ගුවන් මගීන් ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ පසුව යළිත් බංග්ලාදේශයේ ඩකා වෙත රැගෙන යෑම සිදු කෙරේ.

මෙම ගුවන් යානයෙන් පැමිණි බංගලාදේශ ජාතික ගුවන් මගීන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු සියල්ල කටුනායක ගුවන් තොටුපළේ දී විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළේ සිට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය වෙත 165 දෙනෙකුගෙන් සමන්විත මෙම  මගීන් පිරිස ඇතුළු කරනු ලැබීය.

ඊට අමතරව මෙම වසංගත රෝග තත්වය නිසා බංග්ලාදේශය වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි තවත්  බංගලාදේශ ජාතිකයන් 11 දෙනෙකු ද , මෙම ගුවන් යානය තුළට ඇතුළු කරනු ලැබීය .

ඒ අනුව බංගලාදේශ ජාතිකයන් 176 දෙනෙකු රැගෙන මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය අද රාත්‍රී 10.05 ට කටුනායක ගුවන් තොටුපළෙන් , බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියේය .

 



අදහස් (4)

බංගලාදේශ ජාතිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත් වෙයි

gag Friday, 08 May 2020 06:56 PM

අර හූලේ ගේ දුවත් මේකෙම දාල බංගලිදේශයට යැව්ව නම් නේද හොඳ? මොකද එයා සැමන් පැක් කරලවගේ යනකොට කැමතියි වගේ.

:       631       769

lankaFriday, 08 May 2020 08:06 PM

එයා එහෙම අකමැති හින්දනේ එහෙම කිවුවේ... අනික එයා ලංකාවේ පුර වැසියෙක්නේ. එයා කැමැත්තෙන් ගියොත් මිසක් ඔයා කොහොමද එයාව පිටුවහල් කරන්න තීරණය කරන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න

:       0       0

විසල් Saturday, 09 May 2020 01:54 AM

දේශප්‍රියගේ ළමයි ගැන කතාකරන අය ඔය සිද්ධිය නොදන්නවා වගේ ඉන්නේ... පව්, ඒ මහත්මයාව තනිකරම අසරණ කළා.

:       0       0

Prabath Sunday, 10 May 2020 02:24 AM

මොකක්ද මේ රට කරන්න යන්නේ? මේ රටේ ඉන්න මිනිස්සු ගැන හිතන්න. ඉන්නකෝ ජන්දයක් එනකල්....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site