(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (26) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකවරයකු පැවසීය.
මෙම ගුවන් මගීන් පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1190 දරණ විශේෂ ගුවන් යානයෙන් අද (26) සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහායොමු කිරිමට පියවර ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම, ලෝකෙන් උතුම් රටේ ඉපදිලා, ප්‍රෞඩ ඉතිහාසය ගැන පුහු කයිවාරු ගැහුවට, ලංකාවේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ පිටරටවල අනාතයෝ වගේනේ... කාටද ආඩම්බර?
භද්‍රානි අපේ රට විරුවන් කියන කොට්ඨාශය බඩගින්නේ දුක්විඳිමින් අපට එන්න දෙන්න කියලා ආයාචනය කරනවා. ලොකු ලොක්කන්ගේ දරුවන් බංග්ලාදේශයේ, එංගලන්තයේ, නේපාලයේ, ඉන්දියාවේ ඉඳලා ඇවිත් හෝටල්වල නිරෝධායනය වෙනවා. ඇමෙරිකන් කාරයෝ කොරෝනා නිරෝධායනය බැරිනම් නුඹලා ඕන දෙයක් කරගනිල්ලා... අපි ඇමෙරිකන් කියලා සත්තම දමලා රටට එනවා. මේක මහා විකාරයක්...
විවෘත ආර්ථිකේ ගෙනාපු ජේ.ආර්. නිසා තමයි.
ඔතන ගියපු කිසිකෙනෙක් අසරණයින් විදිහට රස්සාවල් කරපු අය නෙවෙයි. බංග්ලාදේශයෙන් ලංකාවට කෝටි ගණන් විදේශ විනිමය එවපු අය... ඔක්කෝමලා මැනේජර් රැන්ක් එකෙන් උඩ කට්ටිය. කොරෝනා නිසා තියෙන බයටයි ලංකාවට ගියේ.... නැතිව හිඟන්නෝ වගේ හිටියේ නැහැ. තවත් අමාරුවෙන් ෆැක්ටරිවලට ගිහිල්ලා සේවය කරන අය 500ක්, 600ක් ඉන්නවා. මේ මිනිස්සු පුද්ගලිකවම සල්ලි හම්බ කරනවා තමයි... ඒත් එවන්නේ ලංකාවේ බැංකුවලට... ටිකක් හිතලා බලන්න.
ප්ලේන් 10ක් වටපිට යවනකොට මැදපෙරදිගටත් එක ප්ලේන් එකක් හරි එවන්න... රට වහගෙන කෝවිඩ් මර්ධනය කළා කියලා පම්පෝරි ගහන එක අපිට පිළිකුල්...
ප්‍රශ්නය මොවුන් මොනවගේ රැකියාවකට ගිය අයද කියන එකයි...
මැදපෙරදිගටත් එක ප්ලේන් එකක් හරි එවන්න.. රට වහගෙන කෝවිඩ් මර්ධනය කළා කියලා පම්පෝරි ගහන එක අපිට පිළිකුල්..