බංගලාදේශයේ ඩකා නුවර කාර්යාල සංකීර්ණයේ හටගත් ගින්නෙන් පස් දෙනකු මියගොස් ඇති බවත්, මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික සිසුවකු ද වන බවත් රෝයිටර් පුවත් සේවය වාර්තා කරයි.
තවමත් බොහෝ පිරිසක් ගොඩනැගිල්ලේ සිරවී සිටින බවද තුවාල ලැබූ පිරිස් රෝහල් කරා ගෙනයමින් පවතින බවද පොලිසිය පවසයි.
සිරවී සිටින බොහෝ පිරිස් ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමට උත්සාහ දරන අතර එසේ කඹ ආධාරයෙන් පැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු බිමට ඇද වැටුණු බවද මාධ්‍ය වාර්තා වී ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශය වේගයෙන් දියුණු වන රටක්. නමුත් එරට සම්මත ආරක්‍ෂිත තත්වයන් ඉතා පහල මට්ටමකි තිබෙන්නේ