
(හර්ෂණ තුෂාර සිල්වා)
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ තිබෙන මෙරට වැඩිම ධාරිතාවක් ඇති පී.සී.ආර්. යන්ත්‍රය අලුත් වැඩියා කිරීම සඳහා චීනයෙන් කාර්මික නිලධාරියෙකු ගෙන්වීමට මේ වනවිටත් පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (30) පැවැසීය.
ඔහු ගෙන්වීමේදී සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන රෙගුලාසි දැඩිව පිළිපදින බවත් ඔහුට ගුවන් තොටුපොළේදීම පී.සී.ආර්. පරීක්ෂණයක් කරන බවත් එම ප්‍රකාශකයා කීය.
චීනයෙන් ගෙන්වන එම කාර්මික නිලධාරියා රෝහල් රසායනාගාරයේ වෙනම ස්ථානයක රඳවා තබන බවත් අලුත්වැඩියා කටයුතු අවසන් වීමෙන් පසු ඔහු නැවත පිටත් කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.
COMMENTS
මහා ලොකුවට කයිවාරු ගැහුවට, කැඩුණු PCR මැෂින් එකක් අලුත්වැඩියා කරගන්න පුළුවන් කමක් ඇති කාර්මික නිලධාරියෙක්වත් ලංකාවේ නැද්ද? ඇයි අර සියල්ල දත් දොස්තර කල්ලියේ බක පණ්ඩිතයින් ඒ ගැන දැනුවත් නැද්ද? චීනෙන් වෛද්‍යවරුත් ලංකාවට ගෙන්වූවා නම්, තමයි වඩා හොඳ.
චීන මැෂින් එකක්ද? ඩොනේෂන් එකක් නම් කමක් නෑ.
දැන් අපේ රටෙ හැම බම්බුවකටම චීනෙක් නැතිව බැහැ වගේ. ඔය කෙහෙල්මල ශ්‍රී ලංකාවට ආනයනය කළේ මොන රටකින්ද? ඔය යන්තරෙ මිලදී ගන්න කොට ඒකෙ නඩත්තුව සදහා අපේ රටෙ කාර්මික නිලධාරියෙක් එරටට යවා නඩත්තු පුහුණුවක් දුන්නේ නැද්ද? ඒක විකුණපු රට මගින් .... ඒක සමහර විට එම රටින් ගහපු ගැටයක් වෙන්නත් බැරිද?