
( චමිල් රූපසිංහ)
ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධිකරණයෙන් විශේෂිත ආරක්ෂිත පි සි ආර් පරික්ෂණ සඳහා භාවිතා කරන ලක්ෂ 10 ක පමණ වටිනා ඇදුම් කට්ටල 5,000 ක් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහේෂ් ගුණසේකර මහතා මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාට අද (04) මහනුවර මහරෝහලේදි පරිත්‍යාග කළේය.
මෙහිදි අදහස් දැක්වු මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියේ වයිරස් සම්බන්ධව පරික්ෂණ කරන ශ්‍රී ලංකාවේ දෙවැනි පරික්ෂණාගාරය මහනුවර මහරෝහලේ ස්ථාපිත කර ඇති බවත් මේ වන විට පිසිආර් පරික්ෂණ 15, 000 ට අධික ප්‍රමාණයක් කර ඇති බවය. මෙතරම් පරීක්ෂණ කටයුතු කරන මෙම රෝහලට මෙම ප්‍රමිතියෙන් ඉහළ පි සි ආර් පර්ක්ෂණ කට්ටල ලබා දිම ගැන ස්තුතිය පිරිනමන බවද සඳහන් කළේය.
මේ අවස්ථාව සදහා රතුකුරුස සංවිධානයේ මහනුවර සභාපති ආනන්ද උයන්වත්ත, මහනුවර මහරෝහලේ වෛරස් රෝග විශේශඥ වෛද්‍ය රෝහිත මුතුගල, මහනුවර මහරෝහලේ ශ්වසන රෝග වෛද්‍ය කිරෝෂන අභයවර්ධන යන අය සහභාගිවූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.