(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත තබා කිලෝ මීටර් කීපයක් දුරට රැගෙන ගිය කුඩු ජාවාරම්කරුගේ බිරිය  ගංජා සමග උඩහමුල්ල නිවසේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

සැකකාරිය සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 400 ක්  පොලිස් භාරයට ගෙන ඇත

අධිකරණයේ අවසරය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බන්ධනාගාරය වෙත ගොස් , ප්‍රධාන ජාවාරම්කරු හා රියදුරුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අනාවරණය කර ගත් තොරතුරු අනුව නිවස දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි

එම තොරතුරු අනුව පොලිස් නිලධාරීන් උඩහමුල්ල වැටකෙවිල පාර ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී නිවස පරික්ෂා කිරීමේදී දෙවන මහලේ සඟවා තිබූ ගංජා හමු වූ බව් ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි