(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ.
ඇය පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඊයේ(18) පැවති කැබිනට් රැස්වීමටද ඉදිරිපත් කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන චාල්ස් මහත්මිය මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කළාය.
ඇය ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිරටත් දාන්නකෝ දක්ෂ පරිපාලන නිලධාරියෙක්ව... දැන් ඉන්න කෙනාගේ සුදුසුකම මොකක්ද?
සුබපැතුම්...!
ඉතා දක්ෂ නිලධාරිනියක්. ආණ්ඩුකාරකම වගේ නිෂ්ඵල තැනකට දාලා අපරාදේ ඇගේ හැකියාවන් අපතේ යවන එක ගැන කණගාටුයි. අමාත්‍යංශ ලේකම්වරියක් ලෙස ඇයට මීට වඩා විශාල සේවයක් කළ හැකිව තිබුනා.
නිවැරදි තේරීමක්. අපේ සුබපැතුම්...!
සුබපැතුම්...!!! මම අහලා තියෙන විදිහට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සිටින දක්ෂ ඒ වගේම වැරදි කාටවත් හිස නොනමන සියල්ලන්ගේම ආදරය, ගෞරවය නොමඳව ලබන නිලධාරිනියක්...
ඉතා හොද තීරණයක්. මෙතුමිය තම උපන් රට වෙනුවෙන් අවංකව හොද සේවයක් කල නිලධාරිනියක්. අප ඔබ තුමියට අපගේ උණුසුම් සුබ පැතුම් !! ඉදිරියටත් තමන් උපන් ඒ ලක් අම්මට අවංකව සේවය කිරීමට ඔබතුමියට හැකි වේවා !!
හරි තේරීම් දිගටම සිදු කරන බව පේනවා. රටට හොඳ කලක් යන බවත් පේනවා. පක්ෂ-විපක්ෂ දූෂිත සියලු දේශපාලකයින්ටත් නීතිය ක්‍රියාත්මක කරාවි යැයි සිතනවා.
පරිපාලන සේවයේ අය රට හරියට පරිපාලනය කළා නම් රට මේ තත්වයේ තියෙන්නේ කොහොමද?
දමිළ, උගත් සිංහල නිලධාරියෙක් පත්කරන්න. ජාතිභේදයක සිට යෝජනා කරනවා නොවේ. විග්නේෂ්වරන් නඩුකාරයෙක් වෙලත් ඩයස්පෝරාවට යටවුණා. දුරදිග සිතා ක්‍රියාමාර්ග ගන්න.
මංගලගේ බලපෑම් හමුවේ නොසැලී සිට තම කීර්තිනාමය රැකගත් මෙතුමිය දක්ෂ පාලිකාවකි.
අවනීතියට නම් ඉඩ ඇහිරෙයි. හිවලුන්ට මිදි තිත්ත වෙයි. නීතිගරුක ජීවත්වෙන අවුරුදු ගණනාවක් දුක්වින්ද තැලිච්ච සැමට සෙත සැලසෙයි.
ඔබතුමියට මීට පෙර රාජකාරියේ ඉන්නකොට ප්‍රශ්න එනකොට ඔබට උදව් වුනේ බහුතර සිංහල නිලධාරින්. ඒ මොකද සිංහල අපි ළඟ ජාතිවාදය නැති නිසා. ඔබතුමියත් ජාතිවාදී නොවී එක එක කොටි රූකඩවලට අහු නොවී රාජකාරිය කරන්න වගබලා ගන්න.
අහලා තියන විදියට ප්‍රභාකරන් මහත්මිය ඉතා දක්ෂ නිලධාරිනියක්... සුබපැතුම් !!!
මෙයා කොටින්ට පක්ෂපාතියි. හැමදාම වගේ සිංහලයෙක් දාන්න.