(ඩයනා උදයංගනී)
ඉන්ධන මිලවැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නිකුත් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කටයුතු නොකරන්නේ නම් පාළු ගෙයි වලං බිඳීම නවතා තමා සමඟ විවාදයකට ආ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ අනුව තැන තැන කටමැද නොදොඩා තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සාගර කාරියවසම් මහතාට නැවත වරක් ආරාධනා කරන බව බව ද ඇමතිවරයා සඳහන් කළේය.
තමා සාගර කාරියවසම් මන්ත්‍රීතුමාට විකල්ප තුනක් ලබා දී ඇතැයි කී ගම්මන්පිල මහතා ඒ අනුව ඔහු තමා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම, ඒ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කිරීම හෝ ඒ දෙකම නොකරන්නේ නම් කළ චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණීම එම විකල්ප බව ද කීවේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
සාගර කාරියවසම් මහතා තවමත් මුල් ස්ථාවරයේම සිටිනවා නම් සහ බලශක්ති අර්බුදයට වගකිවයුත්තේ තමන් බව සිතනවා නම් කළ යුත්තේ තැන තැන කටමැත දොඩ වන්නේ ද නැතිව මහත්වරුන් දෙදෙනෙක් මෙන් ප්‍රසිද්ධ විවාදයක් කර රටේ ජනතාවට සත්‍ය තේරුම් ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
බලශක්ති අර්බුදය ඇතිවූයේ කෙසේද එයට ගම්මන්පිලගේ දායකත්වය කුමක්ද යන්න එහිදී හෙළි වනු ඇතැයි ද හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි... දැන් මිනිස්සු රැවටිලා ඉවරයි. නවත්වන්න ඔය නාඩගම..
අපේ රටේ දේශපාලකයින් දන්නේ පත්තර මිටියක් අරන් ඇවිල්ලා වැඩකරන්න විතරයි. රට කරවන්නේ කම්පැණි කාරයින්...
මේ බොරු නාඩගම් නවත්තලා තෙල් මිල තිබුණු තැනට අරන් ඉන්න. ඊට පස්සේ ඔයාලා තුවක්කු අරන් සටන් කළත් අපිට කමක් නෑ. මිනිස්සු රවටන්න බොරු රඟපෑම් කරනවා...