IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පුළුවන් නම් මේ අභියෝගයට මුහුණ දෙන්න

අංජුල මහික වීරරත්න
 
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීම පිළිබද යෝජනාව සම්මත කිරීමේදී බහුතරයක් තිබේ නම් යෝජනාව පරාජය කරන්නැයි ද බහුතරයක් නැතිනම් ඊට බාධා කරන්නට උත්සාහ කරනු ඇතැයි ද එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පැවසීය. 


විශ්වාසභංගය තහවුරු වී ඇතැයි කතානායකවරයා ප්‍රකාශ කිරීමත් සමඟ කැබිනට් මණ්ඩලය අහෝසි වී යන හෙයින් අගමැතිවරයාට මුදල් වෙන් කිරීමට හැකියාවක් නැති බවට වන යෝජනාව ඉදිරිපත් කළ බව කී වික්‍රමසිංහ මහතා දැන් එම අභියෝගය බාර ගන්නා ලෙසද පැවසීය. 


පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ බහුතරය තමා ඇතුළු පුළුල් පෙරමුණට තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ නිසා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද සඳහන් කළේය. 


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ දී ක්‍රියාකරන ආකාරය දෙස බලා රටට සැබෑ පණිවුඩය ලබාදීමෙන් පසුව ඉදිරියට යන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කීය. 


කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ පැවති  සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (12)

පුළුවන් නම් මේ අභියෝගයට මුහුණ දෙන්න

jayath Wednesday, 21 November 2018 11:35 AM

මම හිතන්නේ මහින්ද මහත්තයට "දිරපු ලණු" ගිල්වපු අර පීචන් "පිල" උඩ ලැගලා ඉන්න "වංස"ලා ඇතුළු නඩයම හොම්බ බිම ඇනගන්නේ මේකෙන් තමයි.

:       712       849

ranga Wednesday, 21 November 2018 11:42 AM

මේවා නෙමෙයි අභියෝග... පුළුවන් නම් ජනාධිපති වාරණයකට ඇවිත් දිනලා පෙන්නන්න..

:       769       811

tdWednesday, 21 November 2018 02:45 PM

ලංකාවේ දැනට දේශපාලනය කරන දුෂිත දේශපාලන කණ්ඩායම් දේශපාලනයෙන් අතුගා දැමීමට කාලය එළඹ තිබේ. රටේ ජනතවගේ බලාපොරොත්තුවත් එයමය. එසේ නොවුනහොත් ලංකාවට අනාගතයක් නොමැත .

:       0       67

ගල්කටස් Wednesday, 21 November 2018 12:20 PM

ජනාධිපතිවරණය ජනාධිපතිගෙන් ඉල්ලගන්න. එයාව පත් කලේ ඔයාලා මිසක් අපි නෙමේ.. මහ ඡන්දයකට මහින්දත් එක්න තමයි අභියෝගය... අනිත් එක මුස්ලිම් ඡන්දයි දෙමළ සන්ධානයේ ඡන්දයි එකතු කරලා රතු අලි පැටියත් එක්ක එන නිසයි ඔය උඩු බුරන්නේ... අමතක කරන්න එපා... අපි සිංහල බව අපිත් ලෑස්තියි. ඡන්දය දෙන්න ජාතිය වෙනුවෙන් මෙවර එ් වෙනස දැකගනීවි... මරණාධාර සමිතියකට හරි ඡන්දය ඉක්මනට දීපල්ලා...

:       869       2013

naradha Wednesday, 21 November 2018 12:40 PM

නියම අභියෝගය නම්, හැකිනම් එජාපෙ ලබන වසරට අය වැයක් ඉදිරිපත් කරලා පෙන්නන්ට. මේ ඔක්කොටෝම මුල මේ අයට නියමිත කාලයේදී අය වැයක් ඉදිරිපත් කර ගන්නට බැරි වුණු එක...

:       48       75

nishaWednesday, 21 November 2018 02:00 PM

නියමිත නොවැම්බර් අයවැය ඉස්සෙල්ල‍ා හොර අගමැති අවුල ආවා...

:       114       49

tommyWednesday, 21 November 2018 02:14 PM

කව්රුත් බලෙන් අාවේ නෑ. මේ අයට බැරි නිසා පුළුවන් කෙනෙක් ගෙන්නන්ට වුණා.

:       127       240

Ruwan Wednesday, 21 November 2018 01:09 PM

ඕනෑම අභියෝගයකට සූදානම්ලු... හැබැයි මහජනතාවට බයයි. පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයකට යනවා කියනකොට එ්ක නවත්තන්න උසවිත් ගිහින්.. තහනම් නියෝගත් ඉල්ලනවා.

:       366       934

Sumith Wednesday, 21 November 2018 02:21 PM

කි දෙනෙක් මේ සැරේ ගෙදර යයිද? ජනතා තීරණය කවද්ද? ගණන් හදා ගන්න ලේසි නැ

:       0       11

Sumith Wednesday, 21 November 2018 02:25 PM

ජනතාව කියන්නේ මේ සැරේ පුළුවන්නම් මැතිවරණය දිනලා පෙන්වන්න කියලා...

:       30       106

Sumith Wednesday, 21 November 2018 03:08 PM

මෙන්න වෙනස ඇඹිලිපිටියේ ගොවියෝ. කෙසෙල් ගලවලා ගොයම් හිටවන්න හදනවා. පොහොර මිල අඩුකළ නිසා... ගොවියන්ගේ බහුතරය සැපද?

:       0       0

Chanak Los angeles Wednesday, 21 November 2018 04:27 PM

හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තියන ක්‍රමයක් කොහෙවත් නැහැ ..

:       17       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1484 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site