(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුල් නොකිරීමේ සිද්ධියක් හේතුවෙන්,වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබීමෙන් සිදුවූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අගතියට පත් එම සිසුවියට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත.
අදාළ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට එම සිසුවිය ඇතුල් නොකිරීමෙන් , එම විදුහල්පතිවරිය , සම්මුඛ පරීක්ෂා සහ අභියාචනා මණ්ඩලය සහ ගම්පහ ප්‍රාදේශීය අධ්‍යපන අධ්‍යක්ෂක විසින් සිසුවියගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ අධිකරණය අගතියට පත් සිසුවිය වහාම එම විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුලත් කිරීමට නියෝග කරනු ලැබ ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ අගතියට පත් සිසුවිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන ඒහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මුර්දු ප්‍රනාන්දු , එස්.තුරේරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ගම්පහ, අස්ගිරිය පදිංචි සයුරිනි ලිමෙන්සා ප්‍රනාන්දු සිසුවිය සහ සිසුවියගේ පියා වන සමන් දර්ශන ප්‍රනාන්දු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ සම්මුඛ පරික්ෂණ මණ්ඩල සභාපති , ඒම විදුහලේ විදුහල්පතිනී .එච්.එම්.ගයනි වත්සලා , විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් , අභියාචනා මණ්ඩලයේ සාමාජිකයින් , ගම්පහ ප්‍රදේශිය අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.ජී .සිරිමා යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
COMMENTS
හොඳ පුවතක්...
හොඳ වැඩේ. සමහර ජනප්‍රිය පාසල්වලට හොර ලියකියවිලි හදාගෙන විදුහල්පතිටත් ලොකු පගාවක් දීලා ළමයි දාගත්තු හැටි දන්නෝ දනිති..
කාලෙකට පස්සේ අධිකරණයකින් දුන්නු හොඳ තීන්දුවක්... හරි නම් පුද්ගලික මුදලින් ගෙවන්න කියන්න තිබ්බේ.
අනෙක් අයටත් මේක හොඳ පාඩමක්. දරුවෙක්ගේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන ගුරුවරු. දරුවන්ටත් දෙමව්පියන්ටත් සුබ පැතුම්
අපූරු අධ්‍යාපන බලධාරීන්.තෑගි දෙන්න වටිනවා. රටේ අනාගතය බාරගන්නට සිටිනා සිසු දරුවන් මීට වඩා හොඳින් රැකබලා ගැනීමට කාලය එළඹ ඇත.
දැන් විදුහල්පතිනියයි ගුරුවරුයි එකතුවෙලා ඒ ළමයාට ඉගෙනගන්න එකත් එපා වෙන තරමට වද දෙයි. දඬුවම් කරයි. අපචාරයට ලක් කරයි. සමහරවිට ඒ ළමයා දිවිනසාගන්න තෙක් හෝ පාසලෙන් අස්වී යන තෙක්ම, එහෙමයි ලංකාවෙ ගුරුවරු
මෙය හොද තීරණයක් වුවද අස්ගිරිය ප්‍රදේශයේ කෙනෙක් ගම්පහ නගර මධ්‍යයේම ඇති එම විද්‍යාලයට සුදුසුකම් ලබන්නේ කෙසේද. එසේම එම දරුවාගේ දෙමාපියන් වෙනත් පාසලකට දරුවා ඇතුළත් නොකර සිටීමත් වරදක්. එක තීන්දුවක් නිවැරැදි ආකාරයට ලබා දුන්නද එම දෙමාපියන් ද කර ඇත්තේ බලවත් වරදක්. නිසිකලට අධ්‍යාපන ලැබීමට ඇති අයිතිය තවත් පාසලකට ඇතලත් කිරීමට නොහැකි වුනේ යැයි පවසා දරුවාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම.
සමහර විදුහල්පතිනියෝ හිතාගෙන ඉන්නේ පාසැල් තමුන්ගේ බූදලේ කියලා...