(තිළිණි ද සිල්වා)
කිසිදු මූල්‍යමය බරක් නොමැතිව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සලසන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද (08) පැවසීය.
තානාපති කාර්යාලවල ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් ඔවුන් පත්ව සිටින අවදානම් මට්ටම් අනුව ප්‍රමඛතාව ලබා දී “පළමුව පැමිණෙන්නන්ට පළමුව සේවාව සැපයීමේ පදනම” මත ලාංකිකයින් ආපසු ගෙන්වා ගන්නා බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා මව්රටට පැමිණීමට නොහැකි ලාංකිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටී.
විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති බවත් කී විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා , ඔවුන් පැමිණීමේ දී පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නොමිලයේ රජයේ පහසුකම් මත නිරෝධායනය ද කරනු ලබන බව ද කීවේය.
විදේශගත ශ්‍රමිකයින් ආරක්ෂිතව නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදාළ ගුවන් ගමන් ලබා ගැනීමේ හැකියාව සහ ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අනුමැතිය මත තානාපති කාර්යාලයන් ,විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එහි නියෝජිතයන් ද සමඟ එක්ව කටයුතු කරන බවද ජයනාත් කොළඹගේ මහතා කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බොරු කියන්නේ. ඔය කියන විදිහට ගේන්නේ නෑ... වැඩිය සල්ලි තියෙන අය විතරයි එයා ගේන්නේ...
ගල් පැලෙන බොරු. සමන්ගේ කතාව හරි. සමාජ මාධ්‍ය බොරු කියන්නේ මොන අමාරුවකටද? ඒවයේ තමයි ඇත්ත කියන්නේ. මොකද සමාජ ජාලා පරිහරණය කරන්නේ සාමාන්‍ය මිනිස්සු නිසා. කුඩු කාරයෝ ආණ්ඩුවට කඩේ යන අය නොවේ.
තානාපති සේවාව සහ විදේශ සේවාව... යන දෙකම රටවිරුවන්ට ඵලක් නැති මාෆියාවල්..
එන්න කලින් අපි ඇග්‍රිමන්ට් එකක් අත්සන් කරනවා. ගෙවලා නිරෝධායනය වෙනවා කියලා.. ඒකට අත්සන් කලේ නැත්නම් ට්කට් එක ලැබෙන්නේ නැහැ. මම ආපු ෆ්ලයිට් එකේ හිටිය සමහරු ලෝන් දාලා රුපියල් 168000ක් හෝටලයට ගෙවලා තියන්නේ.. ඕකයි ඇත්ත තත්වේ... දුප්පත් මිනිස්සු ඇත්තටම පව්.. ඒ මිනිස්සුන්ට මේවා කියන්න කවුරුත් නැහැ. හූල්ලනවා හැරෙන්නට...
පට්ටපල් බොරු. කොරියන් තානාපති කාර්යාලයෙන් කතාකරලා මට කිව්වේ 14 වෙනිදා තියෙන ප්ලේන් එකට නම තියෙනවා කියලා. ඒත් නිරෝධායනය සල්ලිවලට හෝටල්වල... මගේ යහළුවෙක් 19 වෙනිදා ප්ලේන් එකෙන් එනවා. එයාටත් සල්ලි ගෙවනවා නිරෝධායනය.
පට්ටපල් බොරු.. දැන් මාස 9ක් තිස්සේ බොරු කියනවා. ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා ගුවන් තොටුපළ විවෘත කරන්න.
මොන බොරුද. මෙයාලා වීදුරු කුඩුවල ඉදන් කටට එන දේ දොඩවනවා. ඇවිත් බලන්න ඕන මෙහෙ එම්බසිවල තත්වේ කොහොමද කියලා.