පැයකට වැඩි කාලයක් පොළොන්නරුවේ විදුලිය ඇණහිටීම නිසා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙමින් තිබෙන සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත්ව සිටින පාසල් දරු දැරියෝ මහත් අපහසුතාවට පත්ව සිටිති.
ඊයේ (01 වැනිදා) ආරම්භ වූ මෙම තරගාවලියේ අවසන් වටයේ තරග දැන් පැවැත්වෙමින් තිබෙන අතර තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (ඉරිදා) පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය වයස 9 න් පහළ සිට වයස 19 න් පහළ දක්වා වයස්කාණ්ඩ වලින් පැවැත්වෙන අතර පාසල් සිසු සිසුවියෝ 1000 කට වැඩි පිරිසක් සමග ඔවුන්ගේ මව්පියෝද පොළොන්නරුවට පැමිණ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේක ගණන් ගන්නේ නෑ. පොළොන්නරුවෙනේ. කොළඹ වුනා නම් තමයි අපි යකා නටන්නේ.
අවිස්සාවේල්ල ටෙලිකොම් කොටසට අයත් එක් ප්‍රදේශයක සතියකට දිනක් දෙකක් විදුලිය ඇනහිටිනවාලු ඒ සමගම ටෙලිකොම් දුරකතනත් අක්‍රිය වෙනවලු ටෙලිකොම් එකට කිව්වම එහෙම නෑ කියනවලු ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්නේ සංවර්ධනය වෙනතුරු ඉවසමු