IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


පළාත් හතරකට රතු නිවේදන

(ඩයනා උදයංගනී)
         
උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට හෙට (3) සවස් කාලයේ සිට ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම තද වැසි තත්ත්වය 4 වැනිදා සහ 5 වැනිදා යන දිනවලත් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.මෙම පළාත්වල ඇතැම් ස්ථානයට මිලිමීටර 100, 150 පමණ වන ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
         
විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප‍්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකි බැවින් නායයෑම් අවදානම් මෙන්ම සෙසු ප‍්‍රදේශවල පහත්බිම් යටවීම් ද සිදුවිය හැකි බව ද හෙතෙම කීවේය.
         
මීට අමතරව අනෙකුත් පළාත්වල ද පස්වරු 1.00න් පමණ පසු වැසි ඇතිවන බව ඔහු පැවසීය.
         
නායයෑම් අවදානම් සහිත ප‍්‍රදේශවල ජීවත් වන්නන්, කඳුකර ප‍්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 



අදහස් (4)

පළාත් හතරකට රතු නිවේදන

sarath - astrology Monday, 02 December 2019 01:03 PM

රුවන්මැලිසෑය ඉදිරියේ කිසිම කෙනෙක් "දිව්රුම්" දී නැත. නුසුදුසු කෙනෙක් එතන දිව්රුම් දුන්නොත් මුළු රටම විනාශ වෙනවාලු... මේ ඒ විනාශයද..?

:       127       304

කපිල වසන්ත කුමාර Monday, 02 December 2019 01:40 PM

දැන් මාස කීපයක් තිස්සේ වහින්නේ රුවන්වැලි මහාසෑය ළඟ දිවුරුම් දීපු නිසාද..?

:       0       108

ananda Monday, 02 December 2019 01:52 PM

අනේ ඉතිං ලංකාවට වැස්සේ අදමද? ඒකටත් දේශපාලනය ගාවනවා. එතකොට 88-89 රටේ මිනීකඳු ගොඩ ගැහුනේ දළඳා මාලිගාවේ, පත්තිරිප්පුවේ දිවුරුම් දීපු එකද?

:       0       101

සනත් ඉතාලිය Monday, 02 December 2019 03:56 PM

හැම දේටම දේශපාලනය කුලියට ලියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. ලැජ්ජයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2545 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site