
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් රටේ පවතින බව තමා පෞද්ගලිකව විශ්වාස නොකරන්නේ යැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
එම නිසා සියලු දෙනා එකතුවී ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මුලින්ම පවත්වන්නෙ පළාත් සභා මැතිවරණයද එසේ නැතිනම් පළාත් පාලන මැතිවරණය දැයි රෝහණ බණ්ඩාර මහතා මෙහිදී ඇමැතිවරයාගෙන් විමසුවේය.
එසේම එම මැතිවරණ පවත්වන්නේ කුමන ඡන්ද ක්‍රමයක් යටතේ දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දවසක පවත්වන්න එපා
ඔයා කොහොමද එහෙම කියන්නේ>
තිබ්බොත් වෙනදේ දන්නවා ඇති.