(අජන්ත කුමාර අගලකඩ)
සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති කැබිනට් රැසවීමේදී මෙම තීරණය ගෙන තිබේ.
සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සති දෙකකට පමණ ඉහතදී විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන හා පළාත් සභා විෂය භාර ඇමැති වජිර අබේවර්ධන මහතා සිය නිරීක්ෂණය කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබිණි.
වජිර අබේවර්ධන මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ තාක්ෂණික කරුණු රැසක් සිය නිරීක්ෂණය මගින් ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනයකදී පවත්වන්නේ නම් දැනට නිල කාලය අවසන්වී නොමැති පළාත් සභා කලික් විසුරුවා හැරීමට මහ ඇමැතිවරුන්ගේ කැමැත්ත ගැනීමට ලිපි ලබා ගත යුතු බවත් පැවැති ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කළයුතු බවත් ඇමැති අබේවර්ධන මහතා සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇත.
කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් සභා මැතිවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වී සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගන්නැවි දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු වැටෙන්නෙ නැති විධියට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇතුව ඡංදය පිළිවෙලට තියන්න. ඡංද කොට්ඨාශවලට ඒ් ඒ් පක්ෂ ඉදිරිපත් කරන නියෝජිතයන් තෝරා ගැනීමේදී ඒ් ඒ් පක්ෂ ලබාගන්නා ඡංද ප්‍රතිශත ටේඨාශ අනුව වෙන් වෙන් වශයෙන් ගණනය කර තරාකරණය කිරීමෙන් අපේක්ෂක නාම ලේඛනය ප්‍රමුඛතා අනුපිළිවෙල සකසා ගැනීමෙන් මනාප පොරය ඉවත් කර අපේක්ෂකයන් තෝරා ගැනීම වඩාත් සුදුසු වේ.
පළාත් සභා නඩත්තු කිරීම සුදු අලි සිය ගාණක් නඩත්තු කරනවා වගෙයි. රටේ දැන් පවතින තත්ත්වය තුළ කෝටි ගණන් අපේ සල්ලි වියදම් කරලා තවත් කුඩුකාරයෝයි මිනීමරුවොයි ඉහළට ඔසවන්නට තියෙන තකහණිය මොකක්ද?