(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද (9) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පළාත්වල ඇතැම් ස්ථානයන්‍ හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

උතුරු පළාතේ ද තැනින් තැන වැසි ඇතිවන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල තද සුළං හමන බව ද එම ප්‍රකාශකයා කීවේය.